අපරාධඋපුටාගැනීම්

ප්‍රාන්සිස් පියතුමන් ඉදිරියේ සටන්කාමිකයන් බොහෝ දෙනෙකු මගේ ඇස් ඉදිරිපිටම හමුදාව වෙත භාරවිය – ආනන්දි

යාපනයෙහි සංචාරයක නිරතවී සිටින එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවෙහි මහ කොමසාරිස් නවනීදම් පිල්ලයි මහත්මියව කොටි සංවිධානයෙහි හිටපු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක භාර ප්‍රධානි එලිලන්ගේ බිරිඳ හා උතුරු පළාත් සභා අපේක්‍ෂකයකුද වන ආනන්දි සසිකරන් එලිලන් හමුවී අතුරුදහන්වූවන් ගැන වැදගත් තොරතුරු ලබාදී තිබේ.

යාපනය නල්ලූර් කෝවිල් මාර්ගයෙහි පිහිටි එක්සත් ජාතීන් කාර්‍යාලයදී එම හමුව පවත්වා තිබේ.

නවනීදම් පිල්ලයි තමන් සමඟ කථා බහ කළේ විනාඩි කිහිපයක් බව ආනන්දි එලිලින් ග්ලෝබල් පුවත් සේවයට පවසා තිබේ. විශේෂයෙන් ප්‍රාන්සිස් පියතුමන් ඉදිරියේ දහස් ගණනක සටන්කාමිකයන් මගේ ඇසි ඉදිරිපිටම හමුදාව වෙත භාරවුණි. එහි මගේ සැමියාද එක් අයකු බව තමන් පවසා සිටි බවට ආනන්දි එලිලන් ග්ලෝබල් පුවත් සේවයට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවදී පවසා තිබේ.

මේ අතර මෙහි සිවිල් සමාජ නියෝජිතයන් බොහෝ දෙනෙකුව හමුවී සාකච්ඡා කළ විට අතුරුදහන්වූ තම ඥාතීන්ව සොයා දෙන්නයි මවකු අඞමින් සිටියදී ඇයව වැලඳගත් නවනීදම් පිල්ලයි මහත්මිය “ ඔබලාගේ තත්වය ගැන මම හොඳින් දැන සිටින්නෙමි“ යැයි පවසා තිබේ.

උපුටාගැනීම :GTN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *