විදෙස්

ලෙබනන් බෝම්බ ප්‍රහාරයෙන් 42ක් මරුට

ලෙබනනයේ සිඳුවූ බෝම්බ පිපිරීම්වලින් 42 දෙදෙනෙකු මියගොස් තිබේ. ලෙබනනයේ ස්ථාන දෙකකදී මෙලෙස බෝම්බ පිපිරීගොස් තිබේ. ලෙබනාන් ට්‍රයිපෝලිහි බෝම්බ පුපුරාගොස් තිබේ.

මෙම ප්‍රහාරයෙන් 400කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. සිකුරාදා දින ආගමික කටයුතු ඉලක්කකර මුස්ලිම් මස්ජිදයන් දෙකකදී මෙලෙස බෝම්බ ප්‍රහාරය එල්ලකර තිබේ. ෂියා හා සුන්නි මුස්ලිම් භක්තිකයන් අතර පවතින බෙදුම්වාදී ගැටම්කාරි තත්වය මෙයට හේතුව බව පැවැසේ. මෙම ප්‍රහාරයෙන් විශාල දේපළ හානියක්ද සිඳුවී ඇතයි වාර්තාවේ.

මේ වනතුරුත් ලෙබනනයේ ජීවත් වන ශ්‍රී ලාංකීකයින් කිසිවකුටත් හානි සිදුවී ඇථි බවට වාර්තා නොවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *