අපරාධඋපුටාගැනීම්

මන්දනාගේ නිවසට ප්‍රහාරයක්

ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනී මන්දනා අබේවික්‍රම මහත්මියගේ නිවසට අද(24) මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අද(24) අළුයම 2.30ට පමණ එම මහත්මියගේ හැව්ලොක් ටවුන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නිවසට පැමිණි පස් දෙනෙකුගෙන් යුත් මැර කණ්ඩායමක් මෙසේ ඇයට පහර දී මරණ තර්ජන එල්ල කර ඇති අතර ඇගේ දියණියට සහ දෙමාපියන්ටද තර්ජනය කර ඇත.

අළුයම පැමිණි මෙම මැර කණ්ඩායම ගෙලට පිහියක් තබා පැය දෙකක් පමණ ඇගේ ලිපිගොනු පරික්ෂා කොට තිබේ. “අපි ‘කොන්ත්‍රාත්’ එකක් කරන්නේ, කලබල වෙන්න එපා” යනුවෙන් පැමිණි මැර පිරිසෙන් එක් අයෙක් පවසා තිබේ.

සිදුවීම අතර නිවසට පැමිණි ඇගේ සැමියා පොලීසියට දැනුම් දී ඇති අතර පොලීසිය පැමිණෙන විට පිරිස පිටව යන්නට සූදානම් වී තිබේ. එහිදී පොලිස් නිලධාරියෙකුට එක් අයෙකු විසින් පිහියකින් ඇන තිබෙන අතර පොලීසිය පිරිසට වෙඩි තබා ඇත.

එක් පුද්ගලයෙකුට වෙඩි වැදී තිබෙන අතර තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එක් අයෙක් පිටුපස දොරින් පැන ගොස් තිබේ. වෙඩි වැදුනු පුද්ගලයා සහ පහර කෑ පොලිස් නිලධාරියා රෝහල් ගතකර ඇත. වෙඩි වැදුනු පුද්ගලයා මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලීසිය සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

මේ අතර සන්ඩේ ලීඩර් පුවත් පතේ මාධ්‍ය වේදිනී මන්දනා ස්මයිල් අබේවික්‍රම මහත්මියගේ නිවසට ආ පිරිස කොල්ලකරුවන් නොවන බව ශ්‍රී ලංකා ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතියේ ලේකම් ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසා තිබේ.

 

TN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *