යානපයේදී ආණ්ඩු පාක්ෂිකයන් හා ඔවුන්ගේ හවුල්කරුවන් විසින් යළි හෙලාදැක්මේ විරෝධතාව යන නාඩකමක් ඉදිරිපත් කර තිබේ. ශ්රී ලංකාව ගැන ජනීවාහි සාකච්ඡා කිරීමේ සෑම අවස්ථාවකදීම මෙවැනි විරෝධතා පාගමන් හා එහි පසුබිම ගැන අප ජනතාව හොඳින් වටහාගෙන සිටිති. එහිදීද ජනතාව නමින් මෙම විරෝධතාවල පසුපස සිටින්නේ කවුරුන්දැයි අප ජනතාවට හොඳින් දන්නා කරුණකි. ශ්රී ලංකා ප්රජාතාන්ත්රික දේශපාලනයෙහි ජනතා අයිතිවාසිකම් පාගාදමා ඔවුන්ගේ අදහස් ප්රකාශ කිරීමේ අයිතිය තහනම් කර නීතිය තම අතට ගන්නා පිරිස කිසිම අවසරයක්ද ලබානොගෙන ඉතා පහසුවෙන් හෙලාදැක්මේ විරෝධතාවන් පැවැත්වීමට හැකිය. මෙලෙස දෙමළ පාර්ශිකයන් විසින් විරෝධතාවක් පැවැත්වීමට නම් කොපමණ වරක් අධිකරණ අවසර ලබාගත යුතුදැයි ජනතාව දන්නා කරුණකි
අද දින යාපනයේදී පැවැති විරෝධතාවයද එවැන්නක් බව අප ජනතාව දැන සිටිති. දෙමළ ජාතික සන්ධානය හා එහිදි විශේෂයෙන් මා වෙත මඩ ගැසීමේ අරමුණින් රැගෙන එනලද පිරිසගේ අත්වල බලහත්කාරයෙන් ලබාදුන් සටන් පාඨයන් බලනවිට මෙහි යටි අරමුණු කුමක්දැයි පැහැදිළිව දැකගත හැකිය.
එහිදීද දෙමළ භාෂාව විකෘතිකර ලියනලද සටන් පාඨ පෝස්ටර් බලන විට එය කවුරුන් විසින් ලියන ලද්දක්දැයි වටහාගත හැකිය. මෙය හැර විරෝධතාවය සඳහා නැගෙනහිර පළාතෙන් බලහත්කාරයෙන් රැගෙන එනලද හිටපු සටන්කරුවන් ගැනද තොරතුරු හෙලිවී තිබේ.
තර්ජනය කිරීමතුලින් මාව මෙල්ලකිරීමට නොහැකි බව පාලකයන් වටහාගත යුතු බව යළිත්වරක් පවසා සිටින්නෙමි තවද අප ජනතාව වෙනුවෙන් කථා කිරීමට මම පසුබට නොවන බවද පවසා සිටින්නෙමි. මුල්ලිවායිකාල් සිටි මාගේ සැමියාද අහිමිවී ගැහැණු ළමුන් තිදෙනෙකු සමඟ අනාතරව පැමිණි මාව අප දේශය හා ඥාතීන් රැකවරණය ලබාදී මුදවාගත්තේය. එමෙන් මම මාගේ දේශයට හා ජනතාවට මියයනතෙක් විස්වාසවන්තව සිටිය යුතුය. අතුරුදහන්වූ මාගේ සැමියා ඇතුළු අතුරුදහන්වූ සියළු දෙනා වෙනුවෙන් මම කථා කරන්නෙමි. බන්ධනාගාරවල චෝදනාවන් කිසිවක් නොමැතිව සිරගතකර සිටින දෙමළ දේශපාලනික සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් මම කථා කරන්නෙමි.
කාන්තාවන් මූලිකව සිටින පවුල්වල ප්රවර්ධනය සඳහාද හිටපු කොටි සාමාජිකයන්ගේ නිදහස් ජීවිතය සඳහා මම සටන් කරන්නෙමි. කිසියම් තර්ජනයක් හෝ විරෝධතාවකින් මාව මැඩපැවැත්විය නොහැක. මෙය සියලල් මම මැතිවරණයට පැමිණීමට පෙරාතුවම කර තිබෙන්නෙමි.
තර්ජනයක් නොමැති ජීවිතය දිගු කලකට පෙරාතුවම මගෙන් අහිමිවී තිබේ. මම දැනට ජීවත්වන නිවස හය වැනි නිවසයැයි සිතන්නෙමි. මාගේ දරුවන්ගේ නිදහස් ජීවිතය සඳහා තර්ජනවලට මැද දිගටම අවතැන් ජීවිතයක් ගතකිරීමට සිඳුවී තිබේ. නමුත් තවදුරටත් මාගේ ජනතාව මෙන් මා ළඟද අහිමිවීමට කිසිවක් නොමැති බව පවසා සිටින අතර ජනතාව වෙනුවෙන් දිගටම පෙනී සිටින බව පවසා සිටින්නෙමි
ආනන්දි එලිලන්
දෙමළ ජාතික සන්ධානය
උපුටාගැනීම: GTN