පිටිගල, සුදුවැල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි පානදුර වත්ත සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මළ සිරුර ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.