අපරාධඋපුටාගැනීම්

වව්නියාවේ ඝාතනයක් – තෙබුවන අභිරහස් මරණයක්

වව්නියාව ප්‍රදේශයේ පාසලක් අසලදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 31 හැවිරිදි වව්නියාව සුන්දරපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය.

ඝාතනය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැති බව පොලීසිය කීය.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී තිබේ.

මේ අතර තෙබුවන, කළුගඟ, දෙහිගහ තොටුපළ අසල පාවෙමින් තිබූ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බව සඳහන්ය.

මිය ගිය පුද්ගලයා කව්රුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය කීය.

මළ සිරුර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

උපුටාගැනීම: අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *