දෙමළ මාතෘ භුමිය වන උතුරු – නැගෙනහිර ප්‍රදේශයන් හි දෙමළ කාන්තාවන් 90000 ක් යුද්ධය හේතුවෙන් වැන්දඹුවන් බවට පත්වී සිටින අතර, ඔවුන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අඛණ්ඩවම සිදුකරන ලිංගික හිංසාවන්ට මුහුණදෙමින් සිටින බව රටින් බැහැර දෙමළ ඊළාම් රජය ප්‍රකාශකර සිටී.
මාර්තු 8 වැනිදාට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ ළමා, කාන්තා සහ වැඩිහිටියන් කටයුතු පිළිබඳ අමාත්‍ය බාලම්බිගෙයි මුරුගදාස් විසින් නිකුත් කල නිවේදනයෙන් මේ බව සඳහන් වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ලිංගික හිංසාවන්ට ලක්වන්නේ වැන්දඹුවන් පමණක් නොව ඔවුන්ගේ ගැහැණු දරුවන්ද විවිධ ලිංගික අතවරයන්ට ලක්ව සිටින බවයි. ඔවුන් මේ කිසිවක් සම්බන්ධයෙන් පැමිණිල් කිරීමට නොහැකි තත්ත්වයට පත්ව සිටින අතරම එසේ පැමිණිලි කිරීම් සිදුකරනු ලැබුවහොත් ඔවුන්ට ආරක්ෂක අංශ විසින් තවදුරටත් හිරිහැර සිදුනබව එම නිවේදනයේ දැක්වෙයි.
සටහන: ඩෙස්කා කුඩාවිල