අපරාධඋපුටාගැනීම්

මව්පියන්ගේ අවවාදයට පුත්‍රයා ගිනි අවියෙන් පිළිතුරුදෙයි

මෙරට නිපදවන ලද ගිනි අවියකින් වෙඩි තබා ගෙන වයස අවුරුදු 17 ක ළමයෙකු සිය දිවි නසා ගෙන ඇති බව නවගත්තේගම පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ නවගත්තේගම – මහපිටිය පදිංචිව සිටි අබේරත්න හේරත් මුදියන්සේලාගේ සුදේශ් ප්‍රියංකර (17) නම් අයෙකු බව අප වාර්තාකරු කියයි.

ඊයේ සවස මෙම වෙඩි තබා ගැනීම සිදුවී ඇත.

සිද්ධියෙන් තුවාල ලැබු සුදේශ් ප්‍රියංකර යන අයව නවගත්තේගම පර්යන්ත රෝහල වෙත ඇතුළත් කළත් ඔහු මිය ගොස් තිබේ.

මව්පියන් විසින් කර ඇති අවවාදයක් නොරිස්සීම හේතුවෙන් මෙම වෙඩි තබා ගැනීම සිදුවී ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය කීවේ යැයි අප වාර්තාකරු කියයි.

වෙඩි තබා ගැනීමට යොදා ගත් බව කියන මෙරට නිපදවන ලද ගිනි අවියක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.

නවගත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

උපුටාගැනීම: අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *