අපරාධ

නාමල්ගේ හිතවතුන්ටත් උතුරේ ඉඩම්

ජනාධිපති රාජපක්ෂගේ වැඩිමල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ උපදෙස් පිට පොලොන්නරුවේ සිට පැමිණි පිරිසක් විසින් කිලිනොච්චිය, උදිරවේන්කයි ඝණවෛරවර් කෝවිලට අයත් ඒ-9 ප්‍රධාන මාර්ගයට අසල පිහිටි අක්කර 03 ක ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

උදිරවේන්කයි ඝණවෛරවර් කෝවිලට කෝවිලට අයත් එම භූමිය බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානවේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් විසින් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිකර තිබේ. නාමල් රාජපක්ෂගේ ආධාරකරුවන් යැයි කියන දකුණේ සිට පැමිණි පිරිසක් උදිරවේන්කයි ඝණ වෛරවර් කෝවිලට අයත් අක්කර 03 ක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති අතර එම භූමියට ඇතුල් වීමට තහනම් ලෙසන් පුවරුක්ද සවිකර තිබේ. මෙම ඉඩම් උදිරවේන්කයි ඝණවෛරවර්  කොවිලට වසර 35 කටත් අධික කාලයක් තිස්සේ අයිතිව තිබෙන බවටත් ඒ සම්බන්ධයෙන් තමන් සතුව ලියකිවිලි තිබෙන බවටත් කෝවිලේ පාලනාධිකාරිය ප්‍රකාශ කර සිටිති.

උදිරවේන්කයි ඝණවෛරවර් කෝවිලට අයත් ඉඩම් අක්කර 03 ක් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරයාට සහ කරච්චිය ප්‍රදේශීය ලේකම්වරයාට ලිපියක් පසුගිය 18 වැනිදා යොමුකළද, (අප වෙත තොරතුරු වාර්තාවන්නේ නාමල් රාජපක්ෂ තම පියාගේ දේශපාලන හයිය පාවිච්චි කරමින් එම ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම්වරයා බියවද්දා ඇති බවයි. ඒ අනුව ඔහුද කිසිඳුනීත්‍යානුකූල පියවරක් මේ සටහන තබන මොහොත වනතුරුත් ගෙන නොමැත.) මෙතෙක් එම කටයුතු වැලැක්වීමට කටයුතු කර නොමැති අතර මේ වන විට ඉඩම බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින පිරිස විසින් ඉදිකිරීම්ද ආරම්භකර තිබේ.

උතුරේ දෙමළ ජනයාගේ බොහෝමයක් ඉඩම් වෙත නිසියාකාරව ලියකිවිලි නොමැති හේතුවෙන් දකුණේ සිට පැමිණෙන පිරිස් දේශපාලන බලය සහ හමුදා බලය යොදාගනිමින් උතුරේ දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් බලහත්කාරයන් අත්පත් කරගනිමින් සිටිති. එක් පැත්තකින් හමුදාව ජනයාගේ ඉඩම් කොල්ලකමින් සිටින අතර තවත් පැත්තකින් දකුණේ දේශපාලන ආධාරකරුවන් දේශපාලන බලයෙන් උතුරේ ඉඩම් කොල්ලය සිදුකරමින් සිටින බව අප සමග අදහස් දැක්වූ කිලිනොච්චියේ වැසියෙකු පවසා සිටියේය.

ශ්‍රී ලංකාවේ වර්ගකිලෝමීටර වර්ග 65,619 ක භූමිප්‍රමාණයකින් දෙමළ ජනතාව ජීවත්වන්නේ වර්ග කිලෝමීටර් 18,880 න් 2009 මැයිවලින් පසු දෙමළ ජනයාට අයත් භූමියෙන් වර්ග කිලෝමීටර් 7000 ක් ආරක්ෂක හමුදා විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගෙන සිටිති. ඒ අතර මුල්ලිකුලම් සහ කේපාපිලම් යන ගම්මානයන් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටිති.

එසේම යාපනය ආරක්ෂක බලසේනා මූලස්ථාන අධි ආරක්ෂිත කලාපය ලෙස නම්කරමින් හමුදාව විසින් බලහත් කාරයෙන් අත්පත්කරගෙන සිටි සමස්ථ ඉඩම් ප්‍රමාණය අක්කර 10,122.09 ක් වූවද යුද්ධය අවසන් වී වසර 4ක් ගතවීමට ආසන්නවීමට ඇතත් යළි පදිංචිවීමට අවසර දී ඇත්තේ ඉන් 40% ක ප්‍රමාණයක පමණි. ඒ අනුව දෙමළ ජනයාට අයත් ඉඩම් අක්කර 6,381 ක් සිංහල- හමුදා ජනපදයක් ලෙස පවත්වාගෙන යයි.ජනයාට නැවත පදිංචියට ඉඩ දුන් 40% ක භූමියෙන්ද නැවත 10% ක් විවිධ හමුදා ක්‍රියාකාරකම් සදහා පවරා ගෙන තිබේ.

සටහන: ඩෙස්කා කුඩාවිල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *