උපුටාගැනීම්පුවතකට වැඩි යමක්

සිරිකොතට ආ මැරයෝ සන්ධාන මන්ත්‍රීවරු

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සමගි බලවේගය විසින් කෝට්ටේ එජාප මූලස්ථානයේදී නොවැම්බර් 13 වැනිදා සංවිධානය කළ මානව හිමිකම් උළෙලට ප‍්‍රචණ්ඩකාරී ලෙස විරෝධය දැක්වීම සඳහා පිරිස් මෙහෙයවා ඇත්තේ කොළඹ නගර සභාවේ නිදහස් සන්ධානය නියෝජනය කරන මහින්ද කහඳගම ඇතුළු එහි මන්තී‍්‍රවරුන් පිරිසක් බව වාර්තා වේ.

මෙම මානව හිමිකම් වැඩමුළුව සඳහා සිරිකොතට පැමිණෙමින් සිටි විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වාහනය වටකර ගනිමින් හා එයට පහර දෙමින් මැර උද්ඝෝෂණයෙන් විපක්ෂ නායකවරයාගේ ජීවිතයට පවා හානියක් කිරීමට උත්සාහ දරා ඇති අතර ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කතානායකවරයාට මෙන්ම පොලිස්පතිවරයාට ද පැමිණිලි කර ඇත.

ආණ්ඩු විරෝධි උද්ඝෝෂණවලට හා වැඩසටහන්වලට එරෙහිව ආණ්ඩුවට හිතවාදී උද්ඝෝෂණ මෙහෙයවන පුද්ගලයා බවට මේ වනවිට මහින්ද කහඳගම නාගරික මන්තී‍්‍රවරයා පත්වී ඇති අතර ඔහුට ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග සමීප සබඳතා පවතී.

එසේ වුවද මහින්ද කහඳගම නාගරික මන්තී‍්‍රවරයා, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අයත් සාමාජිකයකු නොවන අතර අමාත්‍ය වාසුදේව නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ මධ්‍යම කාරක සභිකයෙක් වේ.

එජාප මූලස්ථානය වූ සිරිකොතේ පැවති අදාළ මානව හිමිකම් උළෙල සඳහා පැමිණෙමින් තිබූ බස් රථ තුනක් උතුරේ ස්ථාන තුනකදී නවත්වා ඇති යුද හමුදාව ඒවාහි පැමිණි පිරිස ආපසු යවා ඇති අතර ඔවුන්ට හමුදාවේ විවිධ අඩන්තේට්ටම්වලටද ලක්වන්නට සිදුවී ඇත.

මේ සම්බන්ධයෙන් රාවය කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රුවන් වනිගසූරිය පැවසුවේ තමන් කිසිම අවස්ථාවක කිසිවකු හරවා යවා නොමැති බවත් එසේ වුවද වාහන පරීක්ෂාවක් සිදුකළ බවත්, එහිදී සිදුවූ ප‍්‍රමාදය හේතුවෙන් මෙම පිරිස නැවත හැරීගොස් ඇති බවත්ය.

ඒ හැරෙන්නට කිසිම අවස්්ථාවක එම පිරිසට ආපසු හැරෙන්නට තර්ජනය කිරීමක් හෝ පහරදීමක් හෝ නොකළ බව මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. මේ අතර නොවැම්බර් 14 දිනද එජාප මූලස්ථානය ඉදිරිපිටම පැමිණ ඊට පෙර දින එහි පැවති මානව හිමිකම් වැඩසටහන පිළිබඳව විරෝධය පාන්නට බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසක් උත්සාහ දරා ඇත.

 

වික්ටර් අයිවන්

උපුටා ගැනීම: රාවයෙන්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *