අපරාධ

ලංකාවේ ආරක්ෂක අංශ තවමත් පැහැරගැනීම් කරනවා

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ තවමත් පැහැරගැනීම් කරනා බවත්, තමන් වසර තුනක කාලයක් වද හිංසාවට ලක්වූ බවට පවසා 43 හැවිරිදි රෝයි සමාදානම් නැමැති කැනඩානු දෙමළ පුරවැසියකු එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවට පැමිණිළි කරයි.

ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්තඩංගුවට පත්වූ තමන්, පිලාස්ටික් නළ හා ටි56 ගිනි අවිවලින් පහරදීමට ලක්වූ බවත්, මරණ තර්ජනවලටද මුහුණ දුන් බව ට පවසා තිබේ. එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවට කළ පැමිණිල්ල සම්බන්‍ධයෙන් රෝයි විසින් අද 13 දින මාධ්‍ය හමුවක් පවත්වා කරුණු පැහැදිළි කරනු ඇතයි වාර්තාවේ. එහිදී ඔහු වැඩිදුරටත් පවසන්නේ අවස්තා කිහිපයකදී තමන් ට සිදුකළ මෙම පහරදීම් හා වදහිංසා කරන ලද්දේ එකම කණ්ඩායක් විසින් බවයි.

තමන්ට සිඳුවුයේ කුමක්දැයි මරණ තර්ජනවලට මුහුණදුන් පුද්ගලයාම කරුණු පැහැදිළි කිරීම වඩාත් සුදුසු බව රෝයි සමාදානම් වෙනුවෙන් නීතිමය උදව් ලබාදෙමින් සිටින කැනඩානු ජාත්‍යන්තර නීති සහයෝගිතා මධ්‍යස්ථානයෙහි ක්‍රියාකරු මේට් ඊසෙන්බිරේන්ට් පවසා තිබේ.

ශ්‍රී ලංකාවේදී ජාත්‍යන්තර නායකයන් සහභාගිවන පොදුරාජ්‍ය සමුළුව පැවැත්වෙන අතරතුර එක්සත් ජාතීන් මානව හිමිකම් සභාව වෙත මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.

සටහන: වසන්ත බංඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *