යුද්ධය තිබූ කාලයේ මා දන්නා බොහෝ හමුදා නිළධාරීන් සිටියේ ඉතාමත් සතුටිනි. සාමාන්‍ය සෙබළුන් පෙරමුණට දා යුද්ධය මෙහෙයවූ නිළධාරීන් හට බොහෝ පහසුකම් හිමිවිය. සාමාන්‍ය සෙබළුන්ට පවා ඔවුන්ගේ වේතනයට අමතරව දුෂ්කර දීමනා, සිගරට් සලාකය ආදී එකි මෙකී බොහෝ දේ ලැබිණි. එහෙත් දැන් යුද්ධය හමාරය. එදා තරම් දැන් මුදලක් අතට ලැබෙන්නේ නැති තරම් ය. එකල අතමිට යහමින් ගැවසුණු සල්ලි දැනුදු කෙසේ හෝ ලබා ගැණීමේ අරමුණෙන් එදා රණ විරුවන් මංකොල්ලකෑම් වල යහමින් නිරතවන බව තහවුරු වූ තවත් පුවතක් තෙල්දෙනියෙන් වාර්තා වෙයි.
ඒ අද උදෑසන තෙල්දෙණිය ප්‍රදේශයේ වෙළඳසැල්වලින් භාණ්ඩ සොරාගන්නා හමුදා නිළධාරියකු ඇතුළු සොර කල්ලියක් අත්අඩංගුවට ගැනීමට තෙල්දෙනිය පොලීසිය සමත් වීමත් සමඟයි.
තෙල්දෙණිය පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 05දෙනා අතර හමුදා නිළධාරියකු ද වන බවයි. සැකකරුවන් අම්පාර – දිගන සහ අලවතුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙම හමුදා නිළධාරියා ඇතුළු කණ්ඩායම සුඛෝපභෝගී මෝටර් රථයකින් විවිධ ප්‍රදේශවලට ගොස් සොරකම් කිරීම් කළක පටන් සිදුකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
සටහන : වසන්ත බංඩාර