සාමාන්‍ය

තිරුකේදීස්වරම් මිනී වල – ජාත්‍යන්තර පරික්‍ෂණයක් අවශ්‍යයි – රායප්පු ජෝසෆ්

මන්නාරම තිරුකේදීස්වරම් ප්‍රදේශයේදී හමුවූ මිනී වල ගැන ශ්‍රී ලංකා රජය විසින් පවත්වන පරික්‍ෂණවල කිසිම විස්වාසයක් නොමැති බවත් මේ සම්බන්‍ධයෙන් ජාත්‍යන්තර පරික්‍ෂණයක් පැවැත්විය යුතු බව ද මන්නාරම දිස්ත්‍රික්ක රදගුරු රායප්පු ජෝසෆ් පියතුමන් අවධාරණය කර තිබේ.

තිරුකේදීස්වරම් ප්‍රදේශයේදී මාර්ග පිළිසකර කිරීමේ කටයුතුවල නිරතව සිටි කම්කරුවන් විසින් අගල් කැපීමේදී මිනිස් අස්ථි කොටස් හමුවී තිබුණි. අනතුරුව එම ස්ථානය නිරීක්‍ෂණය කළ මන්නාරම විනිසුරුගේ නියෝගය මත වැඩිදුරටත් කැණීම් කටයුතු සිඳුකෙරුණි. එහිදී මිනිස් හිස් කැබලි 10ක්ද අස්ථි කොටස්ද හමුවී තිබූ අතර අධිකරණ නියෝගයට අනුව එය රාසයිනික පරික්‍ෂාව සඳහා යවා තිබේ.

මේ අතර, දෙසැම්බර් 28 දක්වා එම මිනි වල කැණීමේ කටයුතු කල්දමා තිබේ. මෙම මිනි වල ගැන අදහස් ප්‍රකාශකළ රදගුරු රායප්පු ජෝසෆ් මහතා, මන්නාරමේ පමණක් නොව උතුරේ යාපනය ඇතුළු බොහෝ ප්‍රදේශවලින් මෙවැනි මිනි වලවල් සොයාගෙන තිබුණි. නමුත් රාජ්‍ය පරික්‍ෂණවලින් මේ සම්බන්‍ධව සත්‍ය තොරතුරු නිකුත්වුයේ නැත. විශේෂයෙන් සෙම්මනි මිනි වල ගැන විනිසුරුවරයකුගේ ඉදිරියේ කැණීම් කටයුතු සිඳුකළ නමුත් එම මිනි වලයෙහි සත්‍ය තොරතුරු හෙලිවුයේ නැත. එමෙන් ශ්‍රී ලංකා රජය විසින් පවත්වන විභාගවල තමන්ට විස්වාසයක් නොමැති බවත් තිරුකේදීස්වරම් මිනි වල සම්බන්‍ධයෙන් ජාත්‍යන්තර විභාගයක් පැවැත්විය යුතු බව ද පවසා තිබේ.

උපුටා ගැනීම: GTN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *