උපුටාගැනීම්සාමාන්‍ය

අතුරුදහන්වූ පිරිස සෙවීමේ කණ්ඩායම් නායකයාට පොලිස් ස්ථානාධිපතිගෙන් තර්ජන

අතුරුදහන්වූ පිරිස සෙවීමේ කණ්ඩායමයෙහි නායක සුන්දරම් මහේන්ද්‍රන්ට, ත්‍රිකුණාමලය පොලිස් ස්ථානාධිපති විසින් තර්ජන එල්ලවී ඇතයි පොලිස්පති වෙත පැමිණිළි කර තිබේ.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනයවූ පසුගිය 10වැනි දින ත්‍රිකුණාමලය නගරයේදී අතුරුදහන්වූ පිරිස සෙවීමේ කණ්ඩායම විසින් උද්ඝෝශනයක් පවත්වා තිබුණි. එම අවස්ථාවේදී එහි පැමිණි නාඳුනන කණ්ඩායමක් විසින් උද්ඝෝශකයන්ට පහරදී තිබුණි.

එම පහරදීමෙන් උද්ඝෝශනය සංවිධානය කළ සුන්දරම් මහේන්ද්‍රන්ද තුවාලවී රෝහල්ගත කර තිබුණි. සිද්ධිය සම්බන්‍ධයෙන් ත්‍රිකුණාමලය පොලීසියෙහි පැමිණිළි කිරීමට ගියවිට අනුමැතියකින් තොරව විරෝධතා පැවැත්වූ බවත්, දෙමළ ජනතාව එක්රැස්කර ජාතිවාදය ඇතිකිරීමට උත්සහකරන බවට පවසා අධිකරණයේදී නඩු පවරන බවට ත්‍රිකුණාමලය පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ට තර්ජනය කළ බව සුන්දරම් මහේන්ද්‍රන් තම පැමිණිල්ලයෙහි සඳහන්කර තිබේ.

තවද පහරදුන් පිරිසට එරෙහිව කිසිම පියවරක් ගෙන නොමැති බවත් පහරදෙන අවස්ථාවේදී එය මැඩපැවැත්වීමට පොලීසිය ඉදිරිපත් නොවූ බව ද පොලිස්පති වෙත භාරදී තිබෙන පැමිණිල්ලයෙහි සඳහන්කර තිබේ.

GTMN – GLOBAL TAMIL NEWS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *