2005 ජනාධිපතිවරණයේදී ,ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්රමසිංහ මහතා පැරදවීම සඳහා රුපියල් මිලියන 745 ක කප්පමක් කොටින්ට දුන්නේ කවුදැයි කියා හැකිනම් මව්බිම පුවත්පත මගින් හෙළි කරන ලෙස තමන් මව්බිම පුවත්පතට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්රී විජේදාස රාජපක්ෂ මහතා අද (21 ) අභියෝග කළේය.
මේ කප්පම ලබාදීම මගින් යාපනයේ ජනතාවගේ ඡන්ද ලක්ෂ 6 ක් රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් ප්රකාශ වීම වැලැක්වූනු බව ද ඔහු ප්රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ 55 වන සම්මේලනය අමතමින් ඔහු මේ අභියෝගය කල අතර මව්බිම පුවත්පත එසේ නොකරන්නේ නම් කරුණු සාධක සහිතව මේ කප්පම් සිද්ධිය සහ කප්පම් දුන්න පුද්ගලයා ගැන හෙළි දරවු කරන බව ද අවධාරණය කළේය.
මවුබිමේ මහත්තුරු මුලින් රනිල් වික්රමසිංහ මහතාට පහර ගැසුවා .නායකත්ව මණ්ඩලය පිහිටවූ පසු දැන් කරු ජයසුරිය මහතාට පහර ගහනවා. කරුට හෙන ගහයි කියා හෙනයක පින්තුරයක් දමා පොල්ගෙඩි අකුරින් දමනවා. කරු ජයසුරිය මහතාගේ දිවංගත දෙමාපියන්ට අපහාස කරනවා . කරුට හෙනගහන්නේ නැහැ.එතුමා හොඳ බෞද්ධයෙක් .හැබැයි මවුබිමට හෙනගහන දිනය නම් වැඩි අතක නොවේ යයි කි විජේදාස රාජපක්ෂ මහතා පත්තරවලින් ,රුපවාහිනි නාලිකාවලින් පහරපිට පහර ගැසුවත් එක්සත් ජාතික පක්ෂය ඇදවැටෙන පක්ෂයක් නොවේ යයි පෙන්වාදුන්නේය.
සුද්දා මෙරටට හඳුන්වාදුන් සාපරාධි අපහාස නිතිය රනිල් වික්රමසිංහ මහතා අගමැතිව සිටියදී ඉවතිරිම නිසා මේ අයුරින් තමන්ට රිසිසේ පුද්ගලයන්ට අපහාස කිරීමේ අවස්තාව ලැබී ඇතිබව තමන් මව්බිමේ මහත්වරුන්ට සිහිපත් කරන බව ද විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
උපුටා ගැනීම: sinhala.theindependent.lk