විදෙස්

මෙහෙයුම තව ම අවසන් නැහැ- එඩ්වඩ් ස්නෝඩන්

තමාගේ මෙහෙයුම  තව ම ත් අවසන් නොමැති බව අමෙරිකානු බුද්ධි අංශ හිටපු  සාමාජික එඩ්වඩ් ස්නෝඩන් පවසයි.

ස්නෝඩන් වැඩි දුරට ත් සඳහන් කරන්නේ, අමෙරිකානු බුද්ධි තොරතුරු කාර්යාංශය රහසිගතව ලෝක නායකයින්ගේ දුරකථන සංවාදවලට සවන්දීම පිළිබඳව හෙළිදරව් කළ තොරතුරු මේ වන විට ත් ජාත්‍යන්තර කැළඹවීමට සමත් ව ඇති බව ය.

මේ අතර තොරතුරු හෙළි කිරීමෙන් තමන් සිය යුතුකම ඉෂ්ට කළ බව අමෙරිකානු පුවත්පතකට අදහස් දක්වමින් ස්නෝඩන් ප්‍රකාශ කර තිබේ.

ඔහු වැඩි දුරට ත් පවසා ඇත්තේ, ඒ සියල්ල තමාගේ ආත්ම තෘප්තිය උදෙසා මිස වෙනත් කිසිවක් සඳහා නොවන බව ය.

එමෙන් ම තමන් ජයග්‍රාහි මිනිසෙකු බවත් එඩ්වඩ් ස්නෝඩන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *