අපරාධ

දකුණේ විනීතාගේ ඝාතනය ගැන උතුරෙන් හෙලිදරව්වක්

සුදු කොඩි රැගෙන යටත් වීමට ආ එල්ටීටීඊ නායක පිරිසේ සිටි නඩේසන් ඝාතනය කරන ලද්දේ විශේෂ බල කා සෙබලු විසින් පොලුවලින් පහර දී අනතුරුව වෙඩි තැබීමෙන් බව ද ඔහුගේ බිරිඳ විනීතා ‘අනේ මම සිංහල. මාව මරන්න එපා’ කියමින් හඬා වැටෙද්දී වෙඩි තබා ඝාතනය කර තිබූ බව සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවකු සඳහන් කරයි.

සුදු කොඩි රැගෙන ආ පිරිස යටත් වන අවස්ථාවේ දී එතැන සිටි කොටි සාමාජිකයෝ සහ තවත් සිවිල් වැසියෙකු මේ දිනවල ලන්ඩනයට පැමිණ සිටින අතර ඔවුන් සිදු වීම් සියල්ල අනාවරණය කරමින් සිටී.

එම සාක්ෂිකරුවන් උපුටා දක්වමින්  ලංකාවේ හිටපු බීබීසී වාර්තාකාරිනිය වූ ෆ්රාන්සස් හැරිසන් සඳහන් කර තිබුනේ ‘විනීතා සිංහල භාෂාවෙන් සොල්දාදුවන්ට යමක් කියා කෑ ගැසූ බවය’. අපට හමු වූ තෙවන සාක්ෂිකරු සඳහන් කලේ විනීතා සිංහලෙන් කෑ ගසා ආයාචනා කලේ ‘තමන් මරා නොදමන’ ලෙසය. ඒ අවස්ථාවේ දී ‘තොට දැන්ද සිංහල මතක් වෙන්නේ. පට්ට ….. ’ යනුවෙන් අසභ්‍ය වචනයෙන් බැණ වැදුනු විශේෂ බලකා මේජර්වරයෙකු විනීතාට වෙඩි තැබූ බව ද නඩේසන්ට පොලු වලින් ගසා අනතුරුව වෙඩි තබා ඝාතනය කළ බවද ප්‍රකාශ කර සිටී. ඔහු මේ වන විට සම්පූර්ණ සිදුවීම පිළිබඳව තොරතුරු ප්‍රකාශ කරමින් සිටින අතර ඝාතනය සිදුකළ හමුදා නිලධාරීන් නැවත දුටුවොත් හදුනාගත හැකි බව කියා සිටී.

සටහන: ඩෙස්කා කුඩාවිල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *