පසුගියදා උදයන් පුවත පත් මුද්‍රණාලය ගිනි තැබීම සම්පූර්ණයෙන්ම හෙළාදකින බවත් උතුරේ ජනමාධ්‍යයට එල්ල වූ මෙම බිහිසුණු ප්‍රහාරය නියත වශයෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් සිදුකළ ක්‍රියාවක් බව වන්නි පොස්ට් සමග දුරකථනයෙන් සම්බන්ධවූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පැවසීය.
මන්ත්‍රීවරයා රාජපක්ෂ රජයෙන් ප්‍රශ්ණ කර සිටියේ උතුර පළාත තුළ කොළඹ රජය විසින් ගෙන යන තරුපහේ ප්‍රජාතන්ත්‍රවායද මෙයද යන්නයි. වැඩිදුරටත් කරුණු දැක්වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරයා
”අද උදෑසන උදයන් මුද්‍රණාලයට ආයුධ සන්නද්ධව ඇතුලු වී ඇති පිරිස් ඩීසල් සහ පැට්‍රොල් මුද්‍රණ යන්ත්‍ර මතට හලා ප්‍රධාන මුද්‍රණ යන්ත්‍රයට ගිනිතබා තිබෙනවා. එසේම එහි වූ පරිඝණක යන්ත්‍ර සහ බෙදාහැරීමට සූදානම්කර තිබූ පුවත්පත් තොගයකට ගිනි තබා තිබෙනවා. එයින් පැහැදිලිවනවා උදයන් පුවත් පත් පළකිරීම නැවත්වීමේ උත්සහයක් පැමිණි පිරිසට තිබෙන බව”
” කොළඹ රජය උතුරු පළාත් සභා මැතිවරණයක් ගැන කථාකරමින් සිටිනවා. ප්රජාතන්ත්රවාදය ගැන කථාකරමින් සිටිනවා. නමුත් ඔවුන්ගේ තරුපහේ ප්රජාතන්ත්රවාදය තරම දැන් මැනවින් සියල්ලන්ටම පෙනෙනවා. මෙය පැහැදිලිවම රාජ්‍ය ත්‍රස්ථවාදය.”
මෙම ප්‍රහාරය එල්ල කළ පිරිස් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පවසා සිටියේ ස්ව්‍යංක්‍රීය ගිනි අවි සහිතව යාපනය සිටින සහ මෙලෙස සැරිසැරිය හැකි එකම පිරිස ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ බවත්, යාපනය අර්ධද්වීපය තුළ දැවැන්ත හමුදා පිරිසක් රදවා, දැඩි මිලිටරිකරණයකට හසුකර ඇති මොහොතක මෙවැනි ක්‍රියා ඔවුන්ගේ අනුදැනුමෙන් තොරව සිදුවිය නොහැකි බව පවසා සිටියේය. මන්ත්‍රීවරයා අවසන් වශයෙන් පවසා සිටියේ මෙම උතුරට එරෙහිව ක්‍රියාත්මක වන රාජය ත්රස්ථවාදයේම දිගුවක් බවත් මාධ්‍ය නිදහසට සහ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට එල්ල වූ මෙම ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින් බවත් පැවසීය.
මේ අතර JDS වෙබ් අඩවිය සමග සිය අදහස් දක්වා ඇති උදයන් පුවත්පත් සමාගමේ හිමිකරු , පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවනභවන් ප්‍රකාශ කර ඇත්තේ ආසන්නත සිදුවීමට හේතුව උතුරේදී හමුදා විසින් සිදුකරන ඉඩම් කොල්ලයන් සම්බන්ධය සිය පුවත් පත මගින් දිගින් දිගිටම තොරතරු හෙළිකිරීම විය හැකි බවයි.
”හමුදාව විසින් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට විරුද්ධව පසුගිය දා මුලතිව් නගරයේ පැවති විරෝධතාවයන් සම්බන්ධව පුවත් පළකරනු ලැබුවේ අප පමණයි. මෙම ප්‍රහාරයට එය එක හේතුවක් විය හැකියි. අනෙක් කරුණ උතුරු පළාත් මැතිවරණය ඉලක්ක කරගනිමින්”
ජනතාවගේ දේපළ සහ ජනතාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකිව යුතුය යනුවෙන් පවසා සිටි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ ජානාධිපතිවරයාගේ මිලිටරි නියෝජිතියා වන උතුරු පලාත් හමුදා ආඥාපති මහින්ද හතුරුසිංහල මෙම ප්‍රහාරයට සම්බන්ධයන් ඇති බවට විශ්වාස කරන බවය.
වන්නි පෝට්ස් වලින් උපුටා ගන්නා ලදී