අපරාධඋපුටාගැනීම්

අසරණයින් පන්නා දමන්නැයි උද්ඝෝෂණය කරන තක්කඩි බුද්ධපුත්‍රයෝ.

ලංකාව බුදුන්ගේ දේශය යැයිද තමන් සිංහලේ යැයි ද කියා ගනිමින් මේ වනවිට ලංකා දේශපාලන තුළ ජාතිවාදය අවුස්සමින් සිටින පචවංශලාගේ පූර්ණ අනුග්‍රහය ලබන තක්කඩි භික්ෂූන් පිරිසක් මියන්මාර් සරණාගතයින් රඳවා සිටින බූස්ස රැඳවුම් කඳවුර වෙත පැමිණ නියැලුණු බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ සඳහා අක්මීමන දයා රත්න තක්කඩියාත් සිංහල ජාතික බලමුළුව නමැති ජාතිවාදී සංවිධානයේ අලුගුත්තේරුවන් පිරිසක් පැමිණ උද්ඝෝෂනයක නිරත වන්නේ මියන්මාර් රොහින්‍යාවරුන් එලවා දමන්නැයි බලකර සිටීමටයි. මියන්මාරයේ තමන්ගේ උපන් ගම් බිම් වලින් මේ මිනිසුන් එලවා දමා ඇත්තේද ඊනියා බෞද්ධ සිවුරට මුවාවී අමු අමුවේ මිනිසුන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව මරාදමන බෞද්ධයින් වීම විශේෂතවයකි. බුදුන්ගේ ආගමට මුවාවී මිනිසුන් මරා දමන්නේ කෙසේදැයි අප දන්නේ නැත. එහෙත් දැන් එය රාජ්‍ය අනුග්‍රහය සහිතව මියන්මාරයේ සිදුකෙරේ. පචවංසලාගේ කෙබරයන් ට රැවටී මේ තක්කඩීන් කරන්නේද ඔවුන්ගේ කුප්ප දේශපාලනයයි.

අප දන්නා තරමින් මේ මිනිසුන් සදාකාලිකව ලංකාවේ නතරවී සිටින්නේ නැත. තමන්ගේ රටෙන් අවතැන් වූ මොවුන් ටික දිනකින්ම කොහෝ හෝ බටහිර රටකට යවනු ඇත. බටහිර කිතුනු රටක් ඔවුන් බාරගනු ඇත. එහෙත් මහ ඉහලින් බෞද්ධකම, හෙළ සංස්කෘතිය අරක මේක කියා වෛරය වපුරන මේ තක්කඩි බෞද්ධ යැයි කියාගන්නා භික්ෂූන් මේ කරමින් සිටිනා අවස්තාවාදී දේශපාලනික වැඩෙන් අපකීර්තිය ලැබෙන්නේ රටක් වශයෙන් අපටමය. බුදු දමේ උගන්වන කරුණාව, මෛත්‍රීය බෞද්ධ‍යැයි කියාගන්නා මේ තක්කඩීන් අතර නැතිවුවද කිතුනුවන් සාතිෂය බහුතරයක් සිටිනා යුරෝපය අපේ කාඩ්බෝඩ් බෞද්ධයන්ට වඩා අගනේ යැයි විටෙක සිතේ.

මියන්මාරයෙන් පලා යන රොහින්යා මුස්ලිම් ජාතීන් 55ක පිරිසක් 2008 මාර්තු මස 03 දින ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් මුහුදේදී බේරා ගන්නා ලදුව ඔවුන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය(UNHRC) වෙත භාර දෙන ලදී. මෙම සරණාගතයින් සියලු දෙනා ම 2012 ජූනි මස දිවයිනෙන් බැහැරව ගොස් ඇත.

දිගු කළක සිට රොහින්‍යාවරු විවිධ අවස්තාවලදී අපේ රටට පැමිණ තිබේ. 2013 පෙබරවාරි මස බෝට්ටු දෙකකින් එක් බෝට්ටුවක 138කුත් අනෙක් බෝට්ටුවේ 32කුත් ලෙස සරණාගතයින් 170 දෙනෙකු මුහුදේදී නාවික හමුදාව විසින් බේරාගෙන එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය(UNHRC) වෙත භාරදෙන ලදී. මොවුන් 2015 නොවැම්බර් මස දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

ඉන් පසු 2017 අප්‍රේල් මස 30 වන දින ශ්‍රී ලංකාව ආසන්නයේ අනතුරට පත් යාත්‍රාවක ජීවිත අවදානමකට ලක්ව සිටි ළමුන් 17ක් ද ගැබිණි කාන්තාවක්ද ඇතුළු කාන්තාවන් 07 දෙනෙකු ඇතුළු රොහින්යා වැසියන් 30 දෙනෙකු කලින් වාරවලදී මෙන් ම නවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට රැගෙන එන ලදී. මොවුන් අධිකරණ ක්‍රියාමාර්ගයකින් අනතුරුව (UNHRC) විසින් පෙර පරිදි ම භාරගන්නා ලදී. මෙම සරණාගතයින් පිළිබඳව කටයුතු කිරීමේ දී රජය විසින් දිගුකලක් තිස්සේ අනුමත නීතිරීති රාමුව තුළ සහ නිශ්චිත ක්‍රියාපටිපාටියකින් බැහැරව කිසිසේත්ම ක්‍රියාකොට නොමැති අතර ඉදිරියේ දී ද කලින් පිළිගත් ක්‍රියාමාර්ග තුළම කටයුතු කරනු ඇත.

ඒ අනුව මෙය අපේ රටේ සිටි බොහෝ රජයන් හා පාලකයින්ට අමුත්තක් නොවේ. නමුත් මේ අන්තවාදී කණ්ඩායම් සිවුර කැසකවාගෙන මේ උත්සාහ කරමින් සිටින්නේ කුමන හෝ අළුගුත්තේරු වැඩකින් මේ වනතුරුත් කිසිඳු ආරවුලක් නැතිව සාමකාවීව සිටිනා මුසල්මානුවන් හා සිංහල යින් කිනම් හෝ ආරවුලකට පැටලවීමටයි. දෙමළාගේ ලේ ගලාගොස් රක්තවර්ණවූ මෙ පොළවේ , එය සිඳි යන්නටත් පෙර මුසල්මානු ලේ වල රා බැලීමට සැරසෙන වගනම් කිව යුතුම තිබේ.

සටහන: ඩෙස්කා කුඩාවිල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *