යාපනය ඉලවාලෛයි ප්රදේශයේ වසන්තපුරම් හී පදිංචිව සිටි 27 හැවිරිදි ප්රැන්සිස් ජෙසීධරන් නැමති තරුණයෙකු අතරුදහන් වී ඇති බව වාර්තා වෙයි. විදෙස් ගතවීම සදහා වීසා ලැබුණු බව සිය මිතුරෙකුට පැවසීමට නිවසින් පිටත් වී ඇති ඔහු නැවත නිවසට නොපැමිණි බව ඔහුගේ බිරිද පවසා සිටියාය. තම සැමියාගේ අතුරුදහන් වීම සම්බන්ධව ඉලවාලෛයි පොලීසියටද පැමිණිල්ලක් ඉදිරිපත්කළ බවත් එහෙත් තාමත් ඔහු පිළිබඳව කිසිඳු තොරතුරක් නොමැති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.
මේ අතර කිලිනොච්චිය ධර්මපුරම් ප්රදේශයේ 13 හැවිරිදි සුබ්රමනියහ් මලරවන් නැමැති පිරිමි දරුවකුද අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි.කිලිනොච්චිය කණ්ඩවලෛයි ප්රදේශීය ලේකම් කොට්ඨාශයේ,ධර්මපුරම් මුසිරුම්රම්පුට්ටායි හි ඉන්දීය නිවාස යෝජනා ක්රමයෙහි පදිංචිව සිටි ඔහු පසුගිය 19 වැනිදා සිට අතුරුදහන් වී ඇති බවත් මේ සම්බන්ධව කිලිනොච්චිය පොලීසියට තමා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් අතුරුදහන් වී ඇති දරුවාගේ පියා ප්රකාශ කර සිටියේය.
පසුගිය ජනවාරි මාසයේදීද මෙම ප්රදේශයේම 14 හැවිරිදි පිරිමි දරුවකු අතුරුදහන් වූබවද එම ප්රදේහයෙන් වාර්තා වෙයි. උතුරු නැගෙනහිර පසුගිය කාලය පුරාම දහස්ගණනක් අතුරුදහන්වී අතුරුදහන් වී ඇති අතර 2009 වර්ෂයේදී දෙමළ විමුකිත් කොටි සංවිධානය සහ ශ්රී ලංකා රජය අතර යුද්ධය අවසානයෙන් පසුව විමුක්ති කොටින්ගේ පාලනය පැවති ප්රදේශයේ ජීවත් වූ පුද්ගලයන් 106,000 ක් අතුරුදහන් වී ඇති බව ශ්රී ලංකාවේ හිටපු බීබීසී වාර්තාකාරිණී ෆ්රාන්සිස් හැරිසන් මීට පෙර ප්රකාශ කර සිටියාය. යුද්ධය අවසාන වි කාලයක් ගත වුවද තාමත් මෙම අතුරුදහන් වීම්වල අඩුවක් දක්නට නොමැති අතර පසුගිය කාලයේදී විවිධ අවස්ථාවන් වලදී අතුරුදහන් වූ පුද්ගලයන් 37 දෙනෙකගේ නම් යාපනයේ පළවන උදයන් පුවත් පත හෙළිදරව් කර සිටියේය.
යාපනය ඇතුළු මුළු උතුරුකරයම යුදහමුදා සාමජිකයින් සිවිල් ඇඳුමින් සැරසී පොලීසිය සමඟ මෙම අතුරුදහන් සිදුකරණ බවයි නම සඳහන් කිරීමට අකමැති පාටකයකු අප සමඟ සඳහන් කළේ.
සටහන: ඩෙස්කා කුඩාවිල