අද උදෑසන මරදාන, මාලිගාවත්ත ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පිරිසකට කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. රජයේ ප්‍රධාන එක් ඇමතිවරයකු යටතේ ක්‍රියාත්මක වන කොළඹ පාතාලයේ ප්‍රභල කණ්ඩායමක සාමාජිකයින් විසින් මෙම වෙඩිතැබීම කර ඇති බවටයි ඉතාම විස්වසනීය තොරතුරු ලබාදෙන මරදානේ අපේ හිතවතකු සඳහන් කළේ.
මේ වන විට තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඔවුන් ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මේ අතර පොලිස් මාධ්ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ඔවුන් දෙදෙනාට බරපතල තුවාල සිදුව ඇති බව ය. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රීරෝද රථයට වෙඩි තබා ඇති බව ද ඔහු තහවුරු කළේ ය.
යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු පාතාලයේ යම් නැඟිටීමක් දක්නට ලැබෙන අතර, මින් පෙර දක්නට නොලැබුණු අළුතෙන් බිහිවූ පාතාල කණ්ඩායම් කිහිපයක්ම මේ වන විට රාජ්‍යානුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන බවයි අපගේ නිරීක්ෂනය. අප සතුව ඒ ගැන යම් යම් තොරතුරු ඇතත් ඒවා පළකිරීමට අප ඉදිරිපත් නොවෙමු.
සටහන: වසන්ත බංඩාර