දින කිහිපයකට පෙර මරාදැමුවේ යැයි සැක කරන 37හැවිරිදි කාන්තාවකගේ සිරුරක් සොයාගැනීමට යාපනයේ සිත්තන්කෛ ප්‍රදේශවාසීන් අද උදේ සමත්ව ඇත. ඒ දින කිහිපයක සිට ප්‍රදේශයේ හමාගිය දුර්ගන්ධයක් හේතුවෙන් කළ සොයා බැලීමක දීය.
එහිදී දැනට දින කිහිපයක සිට අතුරුදහන් ව ඇති මෙම 37 හැවිරිදි කුකදාසන් තාරණී නමැත්තියගේ සිරුර පාලු ලිඳක තිබියදී ප්‍රදේශවාසීන් සොයාගෙන ඇත. සිය ගණනක හමුදා සාමාජිකයින් හා පොලිස් නිළධාරීන් නිතරදෙවේලේ ගැවසෙන මෙම ප්‍රදේශයේ යුද්ධය අහවර වුවත් තවමත් පැහැරගැනීම් හා මරාදැමීම් සිදුවේ.
මේසේ අද උදෑසන සොයාගත් මෙම කාන්තවද ඊනියා රණවිරුවන්ගේ හෝ කිසියම් සල්ලාලයකුගේ ගොදුරක් බවට පත්ව ඇති බවයි එම ප්‍රදේශවාසී කිහිප දෙනකුම අප සමඟ පැවසුවේ. නම සඳහන් කිරීමට අකමැති යාපනයේ මානවහිමිකම් ක්‍රියාධරයකු අප සමඟ කියා සිටියේ,
” ඔබලාට වාර්තාවන්නේ ඉතාම අතලොස්සකි. නමුත් දිනපතාම පාහේ කාන්තාවන්ට, විශේෂයෙන්ම පාසැල් යන දැරියන් හට ආරක්ෂක අංශයේ සාමාජිකකින් විසින් සිදු කරන අඩම්තේට්ටම් අති මහත්. යුද්ධයෙන් බැට කෑ ඔවුන් දැන් සිංහල හමුදාවට ඇති බිය නිසාම, තමන්ට සිදුවන අකටයුතුකම් කිසිවකු සමඟ පැවසීමට පවා මැලි කමක් දක්වනවා.”
සටහන: ඩෙස්කා කුඩාවිල