සාමාන්‍ය

මඩකලපුවේ වැන්දඹුවන් 24,000 ක් !

මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ වැන්දඹුවන් විසිහතර දහසක්‌ හා දෙමාපියන් නොමැති දරුවන් 16001 දෙනකු සිටින බව මඩකලපු දිස්‌ත්‍රික්‌ ලේකම් පී. එස්‌. එම්. චාල්ස්‌ මහතා පැවසීය.  මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ ‘උත්සාහවන්තයන්ගේ නිෂ්පාදන’ ප්‍රදර්ශනය විවෘත කිරීමේ උළෙලේ විශේෂ අමුත්තා ලෙස සහභාගි වෙමින් ඒ මහතා එසේ පැවසීය.

මේ අතර, ‘ලංකා ටි නිවුස්’   වෙබ් අඩවිය පවසන්නේ, උතුරේ කාන්තාවන් 95,000ක් වැන්දඹුවන් බවට පත්වී ඇති බවයි.  පුද්ගලයින් 140,000ක් අතුරුදන්වී ඇති බවත්, සෑම පවුලකම එක් අයෙකු හෝ කිහිප දෙනෙකු අහිමිවී ඇති අතර සමහර පවුල් සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බවත් එම වෙබ් අඩවිය අනාවරණය කරයි.  බොහෝ දෙනෙකු අන්ධ භාවයටත්, ශ්‍රවනාබාධයන්ටත්, වෙනත් ආබාධායන්ටත්, මානසික පීඩාවන්ටත් ලක්ව සිටින බවද එම වෙබ් අඩවිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *