මුන්දලම, කොක්කන්තිව් ප්රදේශයේ 16 හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ පුත්තලම, පලාවිය ප්රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පෙරේදා කොක්කන්තිව් ප්රදේශයේ පොල්වත්තක තිබී ඝාතනයට ලක්ව ඇති එම දරුවාගේ මළ සිරුර සොයා ගැනිණ. පොලීසිය පැවසුවේ, ගෙල සිරකර ඝාතනය සිදුකර ඇති බවට කරුණු අනාවරණ වී ඇති බවයි.
ඒ සඳහා යොදා ගත් ලණු කැරැල්ල ද පොලීසිය භාරයට ගෙන තිබේ.