ටික කලක සිට යාපනය ඇතුළු උතුරේ බොහෝ ස්ථාන ඉඳහිට දකුණු ඉන්දියානු ඇතැම් සිනමාපටවල මෙන් කඩු කිනිසි හරඹයන්ගෙන් භීතියෙන් මුසපත්කිරීමට සමත් වී ඇත. විටෙක ඔවුහු ප්‍රධාන මාර්ගයේ ඇති වෙළඳසැලකට පහරදී මුදල් පැහැරගැනීම් කරමින් ප්‍රදේශයම බියවද්දති. තවත්විටෙක යම් පමණකට මුදල් ඇතැයි කියා සිතෙන නිවසකට පහරදී එම නිවැසියන් බියවද්දා ඔවුන් සතු මුදල් හා රන් ආභරන පැහැරගෙන යන්නට සමත් වෙති. ඒ අනුව දැන් ටික කලක සිට යාපනයේ සිදුවන මෙවන් පහරදීම් හා මංකොල්ලකෑම් පිටුපසසිටින්නේ කවුරුන්දැයි සොයා බැලීම කාලෝචිත යැයි සිතුවෙමු.
යුද්ධය අවසන් වී වසර කිහිපයක් ඉක්ම ගොස් තිබේ. ජීවන යුද්ධයට මුහුනදීමේ අසීරුවෙන් ජීවිතය යළි අරඹන්නට වූ උතුරේ ජනයා පීඩා කිහිපයකින් දුක්විඳිනා බවයි අපගේ නිරීක්ෂණය. එහි පළමුවැන්න යුද්ධය අවසන්වී ඉතා දිගු කළක් ගතවී තිබුණත් තවමත් හරිහැටි ඉන්න හිටින්නට තැනක්, සුවපහසු කෙසේ වෙතත් යම්තම් ජීවත්විය හැකි නිවසක් නොමැති කමේ පීඩාවෙන් දුක්විඳින මිනිසුන්ගෙන් උතුර තවමත පීඩා විඳියි. තවමත් තමන්ගේ ඉඩකඩම් යුධ, ගුවන් හෝ නාවික හමුදාවන්ට භුක්තිවිඳින්න්ටදි ඒ අසල කූඩාරමක දිවිගෙවන්නට සැබෑ ඉඩම් හිමියන්ට සිදුවීම යහපාලන ආණ්ඩුවද දිගටම කරගෙන යෑම පිළිකුලෙන් වුවද සිහි කළ යුතුය.
යුද්ධයෙන් උතුරේ මිනිසුන්ට අහිමි නොවූ කිසිවක් නැත. තම ආදරණීයයන්, තමන් සතු වටිනාකියන හැමදේම අතැහැර දමා පැමිණීම හෝ LTTE ය විසින් හෝ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් පැහැර ගෙන ඇත. තවත් අපට බොහෝ දේ ගැන කතාකළ හැක. ඔවුන්ගේ පීඩාවන් ඒ තරමටම ප්‍රභලය.
මේ වනවිට උතුරේ ඇති තවත් සෝචනීය පිඩාවක් වන්නේ වැන්දඹු හා කිසිම හවුහරණක් නැති අසරණයින්ගේ කඳුළයි. ඔවුන්ගේ පීඩාවට සරණක් වෙනවා වෙනුවට , ඔවුන් තවතවත් පීඩනයට පත්කරමින් බොහෝ අසරන කාන්තාවන් බියවද්දා හෝ මානසික අල්ලස් ලබාදී ඔවුන් සමඟ යහන්ගතවීමට කැසකවන ඊනියා ශ්‍රි ලංකා ආරක්ෂක අංශ මේ අසරණියන් තව තවත් අසරණ කිරීම අප කලක සිට අධ්‍යයනය කරමින් සිටින්නෙමු. එහි ඇති බරපතල බව නම් කෙසේහෝ මෙම කාන්තාවන් තමන්ගේ අණට කීකරු කරගැනීමෙන් පසුව ඇය සමඟ යහන් ගතවන මේ රණවිරුවන් යැයි දකුණ හඳුවන නිවට සෙබළුන් දින කිහිපයක් තමන්ගේ මන දොළ සපුරාගැනීමෙන් නොනැවතී ඉන් පසුව තමන්ගේ යුනිට් එකේ බැජියන්ට (ඔවුන්ගේම වචනවලින්) ඇයගේ තොරතුරු ලබාදී, සාමූහික වශයෙන් දූෂනයට ලක් කර ඉන්පසුව දකුණේ ගනිකාමඩම් හිමියකුට විකිණීමට හෝ එසේ නොවන විටකදී ඇයව මරාදැමීම දක්වා මේ සිදුවීම් සංකීර්නත්වයකට පත්ව ඇති බව අපගේ නිරීක්ෂනයයි.
තවත් බොහෝ දේ ගැන කතාකළ හැකි වුණත් එදා LTTE යත් මෙදා සිංහල ආණ්ඩුවත් එකම තැටිය රත්කරනාබවනම් කිව යුතුය. ඒ කවදත් මේ කිසිවකු සැබැ සමාජ ගැටළු වෙනුවට ප්රදර්ශනවාදී ගැටළු නිර්මාණය කිරීමයි. ඒ අතර අද දහවල් කාලයේදී තියුණු ආයුධවලින් පහරදීමෙන් යාපනය කෝපයි පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සැබෑ ගැටළු යටපත් කර නව ප්රදර්ශනවාදී, ජන මනස වෙනත් තැනකට තල්ලුකළහැකි මාධ්‍ය මෙහෙයුමක් ලෙස හඳුන්වාදිය හැකිය. උතුරේ මෙන්ම දකුණේද මාධ්‍ය ඔවුන්ට මහත් ප්‍රචාරයක් ලබාදෙමින් සිටී. ආවා නමැති කඩකප්පල් කාරී මැර කල්ලියේ ක්‍රියාවන්හි තවත් දිගුවක් ලෙස මෙය බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.
අපගේ යුරෝපීය මිතුරන්ගෙන් දැනගන්නට ලැබුණු තොරතුරු අනුව, මේ ආවා කල්ලිය යනු වෙන කිසිවකුගේ නොව මේ වනවිටත් ස්විට්සර්ලන්තය ඇතුළු යුරෝපයේ ජීවත්වන හිටපු LTTE සාමාජිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකගේ මෙහෙයවීම මත, මූල්යාධාරමත ක්‍රියාත්මක කණ්ඩායමකි.
පොලිස් වාර්තා අනුව අද දහවල් පහර කෑමට ලක්ව ඇත්තේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි. කොක්කුවිල් නන්තාවිල් මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාට මෝටර් බයිසිකල් කිහිපයකින් පැමිණි දහයක දොළහක කණ්ඩායමක් විසින් පහරදී ඇත. තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවෙයි. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ කෝපායි පොලීසියට අනුයුක්ත සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වන අතර ඉන් එක් අයෙකු ද්‍රවිඩ ජාතිකයෙකු බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
ස්විට්සර්ලන්තයේ LTTEයෙන් ආධාරලබන මෙම ආවා නමැති කල්ලිය යාපනයේ මෙහෙයවීම සිදුකරන්නේ කවුරුන්ද යන බව ටික කළක සිට අපි රහසිගතව සොයා බැලුවෙමු. අපගේ නිරීක්ෂනයට හසුවූ කරුණු දෙකක් ඔබට කීමට සුදුසුම කාළය එළැබ ඇතැතැයි සිතමු.
ඒ අනුව ආවා කල්ලියට සෘජු මුදල් අධාර ලැබෙන්නේ යුරෝපයෙන් වන අතර, LTTE සංවිධානයේ හිටපු ප්‍රාදේශීය නායකයකු වන කුමාරස් රතීනම් විනෝදන් මෙහි නායකත්වයේ කුප්‍රකට භූමිකාව රඟ දක්වන අතර ඔහු පුනරුත්ථාපනය ලැබූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයකු වන බවයි අපගේ නිරීක්ෂනය. පුනරුත්තාපනය ලබන කාලයේදී ඔහු හඳුනාගත් දෙමළ යුධ හමුදා නිළධාරියකුත් සමඟ ඔහු විසින්මේ කල්ලිය මෙහෙයවනු ලැබේ.
පසුගිය රාජපක්ෂ යුගයේ පාර්ලිමේන්තුවෙදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රීපති සූරියආරච්චි මන්ත්‍රීවරයාගේ හෙළිදරව්වෙන් කියැවුනේ රාජපක්ෂවරුන් LTTEට යහමින් මුදල් ලබාදී ඇති බවයි. දැන් යහපාලන ආණ්ඩුවේ නිල නොවන විපක්ෂයේ භූමිකාව රඟන රාජපක්ෂවරුන්ගේ කුප්‍රකටම නායකයා වන ගූ බයාගේ වක්‍ර හස්තයක් ආවා කල්ලිය වටා සිටින බවයි අපගේ නිරීක්ෂනය.
දහවල් කාලයේදී, ජනප්‍රියවාදී තලයේදී පරම සතුරන්සේ කෑමොරදෙන, අවියත් මඟේ ගූ බයා ඇතුළු නරුමයින් රාත්‍රියෙදී ස්විට්සර්ලන්තයේ ආධාර ලබන විනෝදන්ලා සමඟ යහන්ගතවෙමින් මේ කරනා සෙල්ලම නවතාදැමිය යුතු කාලය පැමිණ ඇත. එහෙත් තාමත් ගූ බයා හීනෙන් දකිමින් බියවී සිටින අගමැති, ජනපති ආවා කල්ලියේ ප්‍රධානීන් යැයි ආණ්ඩුවම කියන කිහිප දෙනකු අත්තඩංගුවට ගත්තත් ඔවුන්ගේ අනෙක් සගයන්යහතින් සිටින්නේ යහපාලනයේ නිරුවත පෙන්වමිනි.
සටහන : වසන්ත බංඩාර