ම්බන්තොට – මාගම්පුර වරාය, චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස්ග් සමාගමට බදු දීමේ ගිවිසුමට මීට සිවල්ප මොහොතකට පෙර අත්සන් තැබුණි.
ඒ, අදාළ ගිවිසුම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් අනතුරුවය.
ඒ අනුව ශ්‍රී ලංකා රජය සහ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම මෙම ව්‍යාපාරයේ හිමිකරුවන් වෙයි.
හම්බන්තොට වරාය, රාජ්‍ය – පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම මෙම ගිවිසුම මඟින් සිදු කෙරෙයි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ ලේකම් එල්.පී ජයම්පති මහතා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.
චීන රජය වෙනුවෙන් “චයිනා මර්චන්ට් සමූහයේ“ විධායක උප සභාපති ආචාර්ය හූ ජියාන්හුවා මහතා මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව සඳහන්ය.
ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය වරාය අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති අතර, ඒ සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති යි ෂිං ලියැං මහතා ද එක්ව සිටියේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද සමරසිංහ සඳහන් කළේ අදාළ ගිවිසුම විනිවිද භාවයකින් යුතු එකඟතාවක් බවයි.
මෙම සංශෝධිත ගිවිසුම නැවතත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මාගම්පුර වරාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඓතිහාසික ගිවිසුමට අත්සන් තැබූ එම සුවිශේෂ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ, උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන් සහ චීන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති යි. Yi. Xianliang, චයිනා මර්චන්ට් සමාගමේ විධායක උපසභාපති ඪ්‍ර. Dr. Hu Jianhua, චීන රජයේ කොන්සල් ජනරාල් Yang Zuo Yuan යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් සහභාගී විය.
උපුටාගැනීම දෙරණෙන්