වැලිකඩ බන්ධනාගාරයේ නිරායුධ සිරකරුවන් 27 මරාදැමීම සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණය විසින් දින නියම කර තිබේ.
මෙලෙස 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වන සුදේෂ් නන්දිමාල්ද සිල්වා විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබූ බවයි වාර්තා වන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් මේ දක්වා විධිමත් පරික්ෂණයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති බව පෙත්සම්කරු සිය පෙත්සම මඟින් අභියාචනාධිකරණයට පෙන්වා දී තිබේ. ඒ අනුව පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 12 වනදා සිදු කිරිමට අභියාචනාධිකරණය නියම කර ඇත.