පුවතකට වැඩි යමක්

බුද්ධි අංශය දුරකථන සංවාද වලට සවන් දෙන්න නවීන උපකරණ මිලදී ගනී

ජාතික බුද්ධි අංශය විසින් ජංගම හා රැහැන් සහිත දුරකතන සංවාදයන්ට රහසින් සවන් දීමට (phone tapping) උපකාරීවන අති නවීන උපකරණ මිලදී ගෙන ඇතැයි බුද්ධි අංශ වාර්තා සඳහන් කරයි.  ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම උපකරණ ගිය වසරේ මිලදී ගෙන තිබෙන අතර කිසිදු විදුලි සන්දේශ ආයතනයක සහාය නොමැතිව මෙම උපකරණ භාවිතා කරමින් ඕනෑම දුරකතන සංවාදයකට සවන් දිය හැකි බවයි.

කෙසේ වුවද අධිකරණ විශාරදයින් පෙන්වා දෙනුයේ මෙවැනි ක්‍රියා උපයෝගී කරගෙන දුරකතන සංවාදවලට ඇහුම්කන් දීම නීති විරෝධී බවත් මෙම ක්‍රියාව අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කල හැකි බවයි.

මෙම නීති විශාරදයින් තව දුරටත් පෙන්වා දෙනුයේ මෙසේ දුරකතන සංවාදයන්ට සවන් දීම මගින් පෞද්ගලික නිදහස කඩ කිරීමක් සිදු වන අතරම හා විදුලිසංදේශ පනත් උල්ලංගනය වීමක් සිදු වන බවයි. විශේෂයෙන්ම විදෙස් රටවල සිට  එන ඇමතුම්වට සවන්දීමට  ජාතික බුද්ධි අංශයේ වෙනමම පිරිසක් යොදා ඇති බවද වැඩිදුරටත් වාර්ථාවෙයි.

ඔවුන්ගේ දෛනික රාජකාරිය වන්නේ විදෙස් රටවලින් ලැබෙන ඇමතුම් හැම මොහොතකම පරීක්ෂා කිරීමයි. බුද්ධි අංශයේ මෙම නිළධාරීන්ගේ ඇතමුන් තම පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන්ද මෙම උපකරණ භාවිතා කරන බව ඉතාම විශ්වාෂ කටයුතු ආරංචි මාර්ගවලින් තහවුරු කරයි. තම විදෙස් ගත ස්වාමියා නැති පාලුවේ හා තනිකමේ කතා හිරිකිතයකින් තොරව අසා සිටිනා මෙම ඊනියා බුද්ධි අංශය යැයි කියාගන්නා හමුදා නිළධාරීන්, කවුරුත් දන්නා මිස්කෝල් ක්‍රමයට මේම බිරින්දෑවරුන් නැවත දුරකතනයෙන් සම්බන්ද කරගෙන ඔවුන් බියවද්දා උතුරේ මෙන්ම දකුණේද කාන්තාවන් දූෂනය කිරීම ටික කලක සිටන් සිදුවන බවයි මේ පිළිබඳව අපව දැනුවත් කළ හමුදා නිළධාරියා වැඩිදුරටත් පවසා සිටියේ.

සටහන: ඩෙස්කා කුඩාවිල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *