ජනරංජන රාවයෙන් ඉවත්වීමත් සමග රාවය පිළිබඳව ලොකු කතාබහක් ආරම්භ වෙලා තියෙනවා. ඒක පිළිබඳව මට ඇත්තේ එක පැත්තකින් සතුටක්. අනෙක් පැත්තෙන් දුකක්. සතුට තමයි මේ සංවාද අස්සෙන් රාවයේ අනාගතය කවර ආකාර වියයුතු දැයි යම් මතයක් සමාජය තුළ ගොඩනගාගන්න පුලුවන් වෙයි කියලා මං තුළ යම් බලාපොරොත්තුවක් ඇතිවී තිබීම. දුක තමයි එවැනි සංවාදයකින් තොරව ඒ සංවාදය, රාවය මරාදැමීම දෙසට යොමුවීම. යම් හෙයකින් මේ සංවාදයේ කෙලවර තිබෙන්නේ රාවය පුවත්පතේ අවසානය සමගනම් ඒක ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට වගේම කියවන්නන්ගේ සංස්කෘතික ජීවිතයටත් ලොකු බලපෑමක් කරයි. (කොහොමත් මොන ආකාරයේ පුවත්පතක් හෝ වසාදමනවා යනු ඒක මිනිස්සුන්ගේ සංස්කෘතික ජීවිතයට පුංචි හෝ බලපෑමක් කරනවා යන්න තමයි මගේ විශ්වාසය)
මේ නිසා රාවය ගොඩනගා මෙවැනි විචිත්‍ර පුවත්පතක් බවට එය පත්කිරීම තුළ අතුල අයියාගේ කැපවීම අපි අගය කල යුතුයි. අනෙක් පැත්තෙන් රාවය මෙලෙස ගොඩනැගෙන්නෙ විශාල මිනිස් ජීවිත ටිකක මිනිස් ශ්‍රමයයෙන්. ඔවුන්ගේ දුශ්කරක්‍රියාවෙන්. අපි හැමදාම ඒ ශ්‍රමයට නිසි ග්වුරවය දියයුතුයි. ඒ ගවුරවය දෙන්න පුලුවන් මේ පුවත්පත තවදුරටත් එහි මුලික අභිලාෂයන් වෙනුවෙන් ක්‍රියාවේ යෙදවීමෙන් පමණයි. දැන් අපි සංවාද කල යුත්තේ ඉදිරියටත් ඒ මූලික අභිලාෂයන් මත රාවය පවත්වාගෙන යන්නේ කෙසේදැයි කියා කිවයුතුයි.
ඒ අනුව නව සංස්කාරකවරයා පත් කිරිමේදී එම තනතුර දැනට රාවයයේ පුවත් සංස්කාරක ධූරයේ සහ නියෝජ්‍ය සංස්කාරක ධූරයේ කටයුතු කරන ලසන්ත රුහුණගේ හට ලැබිය යුතුයැයි මගේ අදහස ය. ඔහුගේ දීර්ඝකාලීන පත්තර ජීවිතය සහ එහි භාවිතාව එම ධූරයට දැනටමත් ඔහු සුදුස්සෙකු කර හමාරය. රාවයේ අනාගතය ගැන සිතා තින්දු තීරණ ගන්නා උදවිය මේ පිළිබඳව සිතා බලනු ඇතැයි සිතමි. මේ කෙටි අදහස මෙලෙස ලියන්නට සිතුවේ රාවය එය කියවන්නන් වෙනුවෙන් තවදුරටත් පැවතිය යුතුයැයි සිතන නිසා බවද අවසාන වශයෙන් ලියමි.
කේ. සංජීව