අපරාධ

උතුරේ සිදු කරණ රාජපක්ෂ මිලිටරිකරණය

උතුරු – නැගෙනහිර ප්‍රදේශවල රාජපක්ෂ රජයේ අනුදැනුම මත දකුණේ හමුදාව විසින් සිදුකළ ඉඩම් කොල්ලය තවදුටත් කුප්‍රකටව සිදුකිරීම සදහා යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාලය තුල ඉඩම් අමාත්‍යාංශයේ නව කාර්යාලයක් ඊයේ දිනයේදී විවෘත කරන ලදී. යාපනය අර්ධද්වීපයේ තෝරාගත් ස්ථානයන් 81 ක ඉඩම් හමුදාවට විසින් පවරා ගැනීමට හමුදාව විසින් ඉඩම් සංවර්ධන අමාතංශයෙන් ඉල්ලුම් කර ඇති අතර මෙම නව කාර්යාලය විවෘත කිරීමේ ප්‍රධාන අරමුණ හමුදාවේ ඉඩම් කොල්ලය වඩාත් වේගවත්ව සිදුකිරීම බව යාපනයෙන් ලැබෙන වාර්තා සදහන් කරයි. යාපනය දිස්ත්රික් ලේකම් සුන්දරම් අරුමයිනායගම්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන පැවැත්වුනු අතර ඉඩම් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් විසින් නව කාර්යාලය විවෘත කරන ලදී.

හමුදාවේ පුර්ණ මැදිහත්වීම යටතේ සංවිධානය කරන ලද මෙම විවෘත කිරීමේ උළෙල වාර්තා කිරීමට යාපනයේ කිසිදු ජනමාධ්යවේදියෙකුට අවස්ථාවන් ලබාදුන්නේ නැත. නමුත් කොළඹ සිට පැමිණි රාජපක්ෂවාදී සිංහල මාධ්යවේදීන් පිරිසකට පමණක් එය වාර්තා කිරීමට හමුදාව විසින් අවස්ථාව ලබාදුනි.හමුදාව විසින් තමන් විසින් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් සම්බන්ධව පැහැදිළි කිරීමක් කරන ලද අතර දිස්ත්රික් ලේකම්වරයා, අමාත්‍යවරයා සහ උතුරු පළාත් හමුදා ප්‍රධානීන් අතර විශේෂ සාකච්චාවක්ද ඒ සම්බන්ධව පැවැත්වූ බව වාර්තා වෙයි.

එම සාකච්ඡාවේදී උතුරේ ජන සංයුතිය සැලසුම් සහගත අයුරින් වෙනස් කිරීම සදහා සිංහල ජනයා පදිංචි කිරීම සහ නව හමුදා කදවුරු පිහිටවීමද හමුදා ජනවාස ඇති කිරීම සම්බන්ධව ද සාකච්ඡා වී ඇත. එහිදී උතුරු පළාත් හමුදා ආඥාපති මේජර් ජෙනරල් මහින්ද හතුරුසිංහ දෙමළ දේශපාලඥයන් ජනයාගේ ඉඩම් ඉල්ලා විරෝධතා දැක්වීම දැඩිව විචේචනය කර ඇති බවත් වාර්තා වෙයි.

මුලතිව් කේපාපිලව් ගම්මානය සම්පූර්ණයෙන්ම හමුදාව විසින් අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම්කරමින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින අතර එම ජනයා සූරියපුරම්, සීනියාමොට්ටායි හි කැලෑබද ප්‍රදේශයක පදිංචිකර තිබේ.

තමන්ගේ පාම්පරික ගම්මාන තමන්ට ලබාදෙන ලෙස එම ජනයා දිගින් දිගටම ඉල්ලා සිටියද එය ඔවුන්ට සදහටම අහිම වන බවට දැන් සනාථ වී තිබේ. ඒ එම ජනයා සදහා ආදර්ශ කේපාපිලව් නමින් නම නවාස ව්යාපෘතියක් හමුදාව විසින් ඉදිකරමින් සිටිති. කෘෂිකර්මාන්තරයේ සහ ධීවර කර්මාන්තයේ යෙදුනු මෙම ගම්වැසියන්ට මෙම නව ගම්මානයේ සිට සිය ජීවන වෘත්තීයන් කරගත නොහැකිය. ඔවුන්ගේ ගවයන්ද විශාල සංඛ්යාවක් හමුදාව විසින් අත්පත් කරගෙන සිටිති.

එම ජනයා පවසන්නේ දැන් පදිංචියට ලබා දී තිබෙන ප්‍රදේශයේ තමන්ට වගාකටයුතු හෝ ධීවර කර්මන්තයේ යෙදිය නොහැකි බවයි.

සටහන: ඩෙස්කා කුඩාවිල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *