විද්‍යා ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝජනය කරන යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා ඉලක්ක කර ගනිමින් යාපනය, නල්ලූර් ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඔහු ගමන් කළ මෝටර් රථය දෙසට මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වෙයි. ඊයේ සවස මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්ය. වෙඩි ප්‍රහාරයෙන් විනිසුරුවරයාට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලබා රෝහලට ඇතුලත් කරණු ලැබීය. එහිදී දැඩි සත්කාර ඒකකයේ සැත්කමකට ද භාජනය කර ඇථි පොලිස් නිළධාරියා බේරාගැනීමට රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය දැඩි වෙහෙසක් ගෙන ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මධ්‍යම රාත්රියේදී ඔහු මියගොස් ඇති බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
ඉතා දිගු කලක් මෙම පොලිස් නිළධාරියා මහාධිකරණ විනිසුරු වරයාට ආරක්ෂාව සපයා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
සටහන: වසන්ත බංඩාර
දෙරණ හා සිරස රූපවාහිනිය ප්‍රචාරය කළ වීඩියෝ……….