2009 මැයි 18 වැනිදා සිදුවූ වර්ග සංහාරයේදී සිදුවූ මහා මිනිස් ඝාතනය අනුස්මරණය කරමින් ඝාතනය වූ සිය නෑසියන් ආදරණීයයන් සිහිපත් කිරීමේ උලෙලක් අද වව්නියාව නගර ශාලාවේදී පැවැත්වුණි. දෙමළ ජාතිත සන්ධානය විසින් ආරම්භකර තිබූ මේ සැමරුමට වර්ග සංහාරික යුද්ධයෙන් වින්දිතයන් බවට පත්වූ විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ඝාතනය වූ සිය ආදරණීයයන් වෙනුවෙන් ඉටිපන්දම් දල්වමින් අනුස්මරණය කරනු ලැබීය.
මේ අවස්ථාව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තුමන්ත්රීන් වන එස්.ශ්‍රීධරන්,සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්,මාවෙයිසේනාධිරාජා,දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ දේශපාලන අංශ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ස්වාජිලිංග ඇතුලු තවත් ප්‍රදේශීය නියෝජිතයන්,සිවිල් සංවිධාන නායකයන්ගේද සහභාගීත්වයෙන් පැවැත්වුණි.
කොළඹ පාලනය විසින් දෙමළ ජනයට එරෙහිව සිදුකළ වර්ග සංහාරයේ 4 වන විජයග්‍රහණය සැමරීමට සූදානම්වන අතරම උතුරේ දෙමළ ජනයාට සිය ආදරණීයනන් සිහිකිරීමටද අවසර නොදී සිටිති.
දුරකථනය ඔස්සේ සම්බන්ධවෙමින් දෙමළ ජාතික සන්ධානයේ පර්ලිමෙන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසා සිටියේ ” ඝාතනය කළ දහස් ගණනක් ජනය සැමරීමේ ප්‍රධාන උළෙල අද වව්නියාව නගර සභා ශාලාවේදී පැවතිය. රජය දහස් ගණනක් දෙමළ ජනයා ඝාතනය කර එය විජයග්රහණයක් ලෙස සමරමින් සිටිනවා. අද නගර සභාශාලාවට එක්වූ පරිස් තමන්ගේ මියගිය ඥාතීන් සිහිකර සිටිය. නමුත් ඊයේ රාත්‍රියේ සහ අද උදෑසදනද ආරක්ෂක අංශයට සමබන්ධ පිරිස් විසින් විවිධ බලපෑම් කරමින් සිටිනවා කිසිදු අනුස්මරණ උලෙලකට සහභාගී නොවන ලෙස. අද වවිනියාව,යාපනය,කිලිනොච්චි යන නරග වල නව ආරක්ෂක මුරපොලවල් අතිකර ජනයා වැලැක්වීමට උත්සහ කර තිබෙන බවයි.”
එසේම යාපනය විශ්ව විද්‍යාලය අවට ප්‍රදේශයේ හමුදා සහ පොලිස් බට කණ්ඩායම් රඳව තිබෙන බවත් යාපනයෙන් ලැබෙන වාර්තා සදහන් කරයි. අද උදෑසන යාපනය විශ්වවිද්‍යාලයේ සිවකොවිල් ඉදිරිපිටදී සිසුන් විසින් ඝාතනය කළ ඥාතීන් සිහිකිරීමේ උළෙලක් පැවැත්වුණි.
එසේම වව්නියාව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ඈතුළ කීපදෙනෙකු විසින් දහස් ගණනක් පිරිස් ඝාතක භූමිය වූ වෙල්ලමුල්ලිවෛයිකාල් වෙත ගොස් ඝාතන වූ පිරිස් වෙනුවෙන් පහන් දැල්වීය .
උපුටාගැනීම : LNW