පුවතකට වැඩි යමක්

ප්‍රවාහන අමාත්‍යංශයේ අතීසාරයට අඹුඩය ගැස්සවීමේ තියරිය

අතීසාරයට අඹුඩය ගැසීම වගෙයි කියා පැරණි පිරුළක් අපි අසා ඇත්තෙමු. මේ පිරුළ යලි මගේ මතකයට එක විටම වගේ පැමිණියේ අද උදෑසන සිදුවූ මාධ්‍ය හමුවක් දැකීමෙනි. නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඇතුළු ප්‍රවාහන අමාත්‍යංශයේ නිළධාරීන් කිහිපදෙනකුගේ සහභාහීත්වයෙන් පැවති මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය වූයේ ආවරණය වූ රේල් ගේට්ටු වසා දමා තිබියදී දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කළ පුද්ගලයින් අත්තඩංගුවට ගැනීමට විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදා ඇති බවට ඔවුන් ප්‍රකාශ කිරීමයි.

මේ වනවිට මුළු ලංකාව පුරා රේල්ගේට්ටු නොමැති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 684 ක් පමණ පවතින බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. මෙය අප දන්නා තරමින් කලක සිට පවතින අපේ රටේ නොවිසඳුණු දහසක් ගැටළු අතර උඩින්ම පවතින්නකි. එහෙත් තාමත් කිසිවකුටත් ගැටළුවට ඇත්ත පිළිතුරු නොමැති බවයි අපගේ වැටහීම.

අතීසාරයට අඹුඩය ගසන්නට සැරසෙනවා යැයි කීම වඩාත් තහවුරු වන්නේ රේල් ගේට්ටු නොමැති තැන්වලට ඒවා සවිකරන්නට උත්සාහ කරණවා වෙනුවට දුම් රිය දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයක් පිහිටුවා ඔවුන් ලවා විශේෂ වැටලීම්වලින් වසා දමා තිබියදී දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කළ පුද්ගලයින් අත්තඩංගුවට ගැනීමට යහපාලන ආණ්ඩුව සැලසුම් සකස් කර ඇති බව සඳහන් කිරීමයි. මහ බැංකු කොල්ලයෙන් 02 % ක විදමින් වුවද ලංකාව පුරා රේල් ගේට්ටු සවිකළ හැකිය.

සටහන : වසන්ත බංඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *