පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් ලංකාවේ පුරවැසියකු බවට තහවුරු කරන ලේඛනය ඔහු වෙත ලබා දී ඇත.
2006 රාජපක්ෂ ආණ්ඩුවෙන් එල්ල වූ ජීවිත තර්ජන මැද රහසිගතව සංක්‍රමණය වී ඕස්ටේ්රලියාවේ වාසය කළ ඔහු 2011 නැවත මෙරටට පැමිණ සිටියදී ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීමෙන් යුත් ආරක්ෂක අංශ කන්ඩායමක් විසින් පැහැරගෙන ගොස් පිටුවහල් කරන ලදී. 2015 නැවත මෙරටට පැමිණි ඔහු සිය පාරම්පරික පුරවැසිභාවය පිළිගන්නො ලෙස කිහිපවරක් අයදුම් කළ ද එය ප්‍රතික්ෂේප කරණ ලදී. 2015 නොවැම්බර් 4 වැනිදා සිය නිවසේදී අත්අඩංගුවට ගෙන වීසා නොමැතිව රැුඳී සිටි ඕස්ටේ්රලියානු ජාතිකයෙක් යන පදනමින් චෝදනා ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු වසරක සිර ද`ඩුවමකට යටත් කරන ලදී.
ආගමන විගමන පනතේ 8 වැනි වගන්තිය අනුව, ලංකාවේ පාරම්පරික පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉදිරිපත් කළ අයදුම්පත පිළිගනිමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඔහු වෙත අදාළ ලේඛනය එවා ඇත. ඔහුගේ පුරවැසි අයිතිය පිළිගත යුතු බවට මෙරට දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු විශාල පිරිසක් වසර ගණනාවක් අරගලයක නිරත වූ අතර එවැනි පසුබිමක තවදුරටත් ඔහුගේ මූලික අයිතිය පිළිනොගෙන සිටීමට ආණ්ඩුවට නොහැකි තත්වයක් උද්ගත විය.
පසුව 2016 දෙසැම්බර් මස නිදහස් කළ පසු නැවත වරක් පාරම්පරික පුරවැසිභාවය අයදුම් කළ පසුව ආණ්ඩුව ඒ පිළිබද සලකා බැලීමට එකග විය. ඒ අනුව ඕස්ටේ්රලියානු පුරවැසිභාවය ඉවත් කරගත් කුමාර් පාරම්පරික පුරවැසිභාවය පිළිබද පිළිගන්නා ලෙස ඉදිරිපත් කර තිබුණු අයදුම්පත අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් එම පිළිගැනීම සිදුකර ඇත.
1981 ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සම්බන්ධ වෙමින් වාමාංශික ක්‍රියාකාරිත්වයට පැමිණි පේ‍්‍රමකුමාර් ගුනරත්නම්, 1989 අරගලයේදී මරා දැමුණු ජ.වි.පෙ. ක්‍රියාකාරිකයකු වූ රන්ජිදන් ගුණරත්නම්ගේ බාල සොහොයුරාය. ජ.වි.පෙ. 1989 මර්දනයෙන් පසුව 1993 නැවත ප්‍රසිද්ධ තලයේ දේශපාලන කටයුතු අරඹද්දී මූලිකයකු ලෙස ක්‍රියාකරමින් පළමුවැනි මධ්‍යම කාරක සභාවට තොරා ගැණුන ඔහු වසර ගණනාවක් පැවති මතවාදී අරගලයකින් පසුව 2011 ජ.වි.පෙ. න් ඉවත්වූ පිරිස අතර සිටි ජ්යෝෂ්ඨතමයෙකි.
2012 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ආරම්භක මධ්‍යම කාරක සභිකයකු ලෙස පත් වූ කුමාර්, 2017 පෙබරවාරි මස පැවැති පෙ.ස.ප. දෙවැනි ජාතික සමුළුවේදී දී එම පක්ෂයේ සංවිධායක ලේකම් ලෙස පත් කරගැණුනි.
උපුටාගැනීම : LV