සිංහල, දෙමළ සහ මුස්ලිම් ජන ප්‍රජාවන් අතර සැගව සිටින අන්තවාදී බලවේග යොදාගෙන ජාතිවාදී ගැටුමක් ඇවිලවීම සඳහා කිසියම් පිරිසක් සංවිධානාත්මක වෑයමක නිරත වී සිටින බව වාර්තාවේ.
පසුගිය මාසය තුළ මුස්ලිම් දේවස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කර ගිනිමින් රහසිගත සංවිධානාත්මක ප්‍රහාර මාලාවක් රටපුරා සිදුකර තිබීම මගින් ඒ බව තහවුරු වේ. පසුගිය අපේ‍්‍රල් මස 15 වැනි දින සිට මැයි මස 24 දක්වා කාලය තුළ එවැනි රහසිගත ප්රහාරයන් 12ක් පමණ සිදුකර තිබේ. ඒවා බොහොමයක් දේපළ හානි සිදු කිරීමේ අරමුණෙන් යුතුව සිදුකරන ලද අත් බෝම්බ ප්‍රහාර සහ ගිනිතැබීම්වලින් සමන්විත සංවිධානාත්මක අපරාධ ගණයට අයත් වේ. නමුත් මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත් අඩංගුවට ගැනීමට පොලිසිය මෙතෙක් සමත් වී නැත. මෙම රහසිගත ප්රහාරයන්ට සමගාමීව මුස්ලිම් ජන කොටස් සහ ඉස්ලාම් භක්තිකයන් ඉලක්ක කර ගනිමින් වෛරී ප්‍රකාශ නිකුත් කිරීමේ ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡුා කිහිපයක්ද දැකිය හැකිවිය.
පාලක පන්තිය මුහුණදී සිටින ආර්ථික හා දේශපාලන අර්බුදය මේ සඳහා හේතුවී තිබේ. 2015 සාපේක්ෂව පසුගිය වසර තුළ වෙළඳ ශේෂයේ හිගය අමෙරිකානු ඩොලර් බිලියනකින් පමණ ඉහළ ගොස් ඇති අතර දේශීය විදේශීය රාජ්‍ය මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 200කින් පමණ ඉහළ ගොස් තිබේ. මේ අතර ධනපති වෙනත් විකල්පයක් නොමැති කම හේතුවෙන් තවදුරටත් මෛති‍්‍ර රනිල් හවුල් ආණ්ඩුව කෙසේ හෝ ඉදිරියට පවත්වාගෙන යාමේ වෑයමක නිරත වේ. නමුත් ආණ්ඩුවේ නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහිව පවත්නා ජනතා විරෝධය දිනෙන් දින ඉහළයයි. මෙම තත්වය හමුවේ.
මීළඟ ධනපති විකල්පය බවට පත්වීමට ඒකාබද්ධ විපක්ෂය උත්සාහ ගනිමින් සිටියි. ඒ සඳහා යහමින් ජාතිවාදය යොදාගනිමින් සිටින අතර ආණ්ඩුවද මෙම ජාතිවාදී ගැටුම් ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් කළමනාකරණය කරමින් සිටියි.
මුස්ලිම් ජනයා ඉලක්ක කළ ප්රචණ්ඩ සිදුවීම් මාලාව
2017.04.16 අකුරැස්ස ගොඩපිටිය පෝරුවහි මුස්ලිම් ජාතිකයන්ට අයත් කඩ 4කට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ලකර තිබුණි.
2017.04.16 ගාලූ කොටුවේ අධිආරක්ෂිත කලාපයේ පිහිටිආගමික ස්ථානයේ ඉදිකර තිබූ තාප්පයට අලාභ ගානි කර ඇත.
2017.04.20 අම්පාර ඉරගම මුස්ලිම් ජන පදයක පිහිටි අක්කර දෙක හමාරක ඉඩමක් භික්ෂුවක් විසින් මෙහෙයවු කණ්ඩායමක් විසින් අත්පත්කර ගෙන ගොඩනැගිල්ලක් ඉදිකිරීමට උත්සාහ දරා ඇත.
2017.04.25 බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ හිමි අම්පාර ඉරගම සංචාරය කළ අතර ප්‍රාදේශීය ලේකම්වරයා ඉදිරිපිටදී මුස්ලිම් ජනතාවට අසභ්‍ය වචනයෙන් බැණ වදියි.
2017.05.08 ගලගොඩඅත්තේ හිමි පුවත්පත් සාකච්ඡුාවදී මුස්ලිම්වරුන් ලංකාව අල්ලාගැනීමට කටයුතු කරමින් සිටින බව ප්‍රකාශයක් සිදු කළේය.
2017.05.10 අම්පාර ඉරගම මුස්ලිම් ජනාවාසයක් වන මයක්කාලි හිදී පොලිස් ආරක්ෂාව සහිතව වෙසක් දින සැමරුමක් සිදු කිරීම.
2017.05.14 පොළොන්නරුව ඔනේගම සංචාරය කළ ගලගොඩඅත්තේ හිමි මුස්ලිම් ජාතිකයන්ගේ ගව මඩු කිහිපයකට අලාභහානි සිදුකොට ඉස්ලාමයට පරිභව කිරීම.
2017.05.15 පානදුර පරණ බසාර් වීදියේ මුස්ලිම් පල්ලියට අලූයම 3.00ට පමණ බෝම්බයක් එල්ලකර අලාභයක් සිදු කිරීම.
2017.05.16 වැල්ලම්පිටිය කොහිලවත්ත ජුම්මා මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ල කිරීම.
2017.05.16 දින ති‍්‍රකුණාමලය තෝපූර් නීනක්කානි හිදී 200ක පමණ පිරිසක මුස්ලිම් ගම්මානයකට ඇතුල්වී එහි ජනතාව සමග ගැටුමක් අතිකර ගැනීමට උත්සාහ කිරීම.
2017.05.16 බොදුබල සේනා කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මුස්ලිම්වරුන් සහ ඔවුන්ගේ ආගම මුල්කරගෙන අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීම.
2017.05.17 පානදුර ඕලූවිල් මුස්ලිම් ජාතිකයෙකුට අයත් බේකරියක් සහ සන්නිවේදන මධ්‍යස්ථානයකටද පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇත.
2017.05.18 හලාවතදී අලූයම් 2කට පමණ ලාස්චාන්ස් නම් විදුලි භාණ්ඩ අලවිසැලකට ගිනිතබා ඇත.
2017.05.21 මල්ලවපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බ 6කින් ප්‍රහාර එල්ලකිරීම.
2017.05.21 ගාල්ල ඇල්පිටිය නගරයේ ‘ලවර්ස් බග්’ නම් වෙළඳසැලක් ගිනි තබා ඇත.
2017.05.22 මහරගම විජේරාම හන්දියේ මුස්ලිම් ජාතිකයකු සතු කාපට් අලෙවි සැලකට ගිනි තබා ඇත.
2017.05.23 රත්නපුර දිස්ති‍්‍රක්කයේ කහවත්ත නගරයේ පිහිටි මුල්ලිම් හා දෙමළ ජාතිකයන්ට අයත් වෙළඳසැල් දෙකකට ගිනිතබා ඇත.
2017.05.24 නාවින්න හාකොර්ට්ස් ෆාමසියට ප්‍රහාරයක් එල්ල වී ඇත.
2017.06.07 දින යළිත් වරක් විජේරාම ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල විය.
2017.06.09 නාවලපිටිය මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයකුගේ තේ කම්හලක් ගිනිගෙන දැවී යාම පිළිබද සැක මතුව ඇත.
උපුටාගත්තේ ලංකාවීව්ස්