2013 මැයි 24 වන දින(අද) පාන්දර 1.45 ට පමණ අළු පැහැති ඩිපෙන්ඩර් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විශ්වවිද්‍යාලය ඉදිරිපිට ආරක්ෂක මුරකුටිය අසලට පැමිණ එහි සිටි ආරක්ෂක නිළධාරීන්ගෙන් ‘‘අමාත්‍යාංශයෙන් කිසිවක් කීවාදැයි විමසා’’ එවැනි කිසිවක් තමන්ට අමාත්‍යාංශයෙන් දන්වා නැතැයි පැවසූවිට අහසට වෙඩි තබා පලා ගොස් ඇත.
මේ වන විට සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ආසාධාරණ ලෙස පනවා ඇති ශිෂ්‍යභාවය අත්හිටුවීම් ඉවත් කරන ලෙස හා බොරුචෝදනා මත ශිෂ්‍යභාවය තහනම් කළ සිසුන්ට අවමය විභාගයට හෝ පෙනී සිටීමට ඉඩදෙන්නැයිද ඉල්ලමින් සත්රයක්ග්රහයක් විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට ආරම්භ කර ඇත.
මෙම ක්‍රියාමාර්ගය ආරම්භවු 2013 මැයි 21 වන දින සිටම විශ්වවිද්‍යාල පරිපාලනයෙන් හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ද විවිධ බලපෑම් එල්ල විය. එපමණක් නොව රජයේ ආරක්ෂක අංශ යැයි කියාගන්නා ලද පිරිස් ජංගම දුරකථන හරහා සිසු නායකයින්ට මරණ තර්ජනද එල්ල කළහ. එහිදී රසිදු ජයසිංහ සොයුරා ඇතුළු සිසුන් කිහිප දෙනකුටම මරණ තර්ජන එල්ල වූ අතර ඒ පිළිබඳව ඔවුහු පඹහින්න පොලීසියට පැමිණිලි කිරීමටද කටයතු කර ඇත. මෙම සිදු වීමද එම සිදුවීම් පෙළෙහි තවත් එක් තර්ජනාත්මක අවස්ථාවක් ලෙස අදුනාගත හැකි අතර තර්ජනය කර සිසුන් බියවද්දා ශිෂ්‍ය ක්‍රියාමාර්ග වැලැක්වීම එහි අරමුණ බව පැහිදිළිය.
මෙය විශ්වවිද්‍යාලවල මෙතෙක් සිදුවු සිදුවීම් වල වඩාත් තර්ජනාත්මක අවස්ථාවක් පමණක් නොව ආණ්ඩුවේ වියරුව කොතරම් බරපතලද යන්න විද්‍යාමාන කරන්නකි. එසේම ඒකාධිපති පාලනයේ හා වර්ධනය වෙමින් තිබෙන මිලිටරි ප්රචන්ඩත්වයේ තවත් එක් නග්න ප්රකාශනයකි. අපි ආණ්ඩුවේ මෙම ප්රජාතන්න්රවාදයට හා මානව නිදහසට එරෙහි ප්රචන්ඩ ක්‍රියා දැඩිපිළිකුලෙන් යුතුව හෙලාදකිනු ලබන අතර වර්ධනය වෙමින් පවතින මෙම රාජ්‍ය ත්‍රස්තවාදී ප්රවනාතාවයන් පරාජය කිරීමට රටක් සමාජයක් ලෙස නැගීසිටීමේ අව්‍යතාවය දැඩිසේ අවධාරණය කරමු.
සටහන: වසන්ත බංඩාර