එදා සිට තවමත් සාමාන්‍ය මහජනයාට චන්ඩි පාට් දාන වත්තල මැරයා ලෙසින් කුප්‍රකට ජෝන් අමරතුංග ඇමතිවරයා අද මාධ්‍යයට ද තම සුපුරුදු මැරබලයෙන් ගිරිය පුප්පා තිබේ.
මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය සමග ජෝන් ගේ නිවසේ පැවැති සාකච්ඡාවකින් පසුව ඔහුට ජනතාව විසින් නගන චෝදනාවක් පිළීබදව ප්‍රශ්නයක් විමසූ විට මෙසේ මරණ තර්ජන කර අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇත. එසේම ඇමතිවරයා පිරිසක් මැද ලජ්ජා බිය නැතිව තර්ජනාත්මකව පවසන්නේ වැරදි පුවත් දැම්මොත් තුන් හතර දෙනාටම පහරදී මරා දමන බවයි.
ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨ ඇමතිවරයකු කරන මෙවැනි තර්ජනයක් පිළිබද සුලු කොට තැකිය නොහැකි බව ජනමාධ්‍ය සංවිධාන විසින් අවධානයට ලක් කර තිබේ.
ප්‍රකට කාන්තාවක් පිහිනුම් ඇදුමින් සිටින ඡායාරූපයක් ගැනීමෙන් පසුව ඡායාරූප මාධ්‍යවේදියකුගේ ඝාතන සිදුවීමට සම්බන්ධ චෝදනා ජෝන් ඇමතිවරයාට ද එල්ල විය. 1981 වසරේදී විමල් සුරේන්ද්‍ර නමැති උපාලි පුවත්පත් ආයතනයේ ඡායාරූප මාධ්‍යවේදියා අභිරහස් ලෙස ඝාතනය විය.
එදා සිට අදවනතුරුත් ඔහුගේ මෙම මැරකම් පහව ගොස් නැති බවට හොඳම වීඩියෝ සාක්කියක්………
#BREAKING සාකච්ඡාවක් අතරතුරදී මාධ්‍යවේදියෙකු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගෙන් ප්‍රශ්නයක් ඇසූ අවස්ථාවේදී ඊට අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වූ අයුරු #lka #JohnAmaratunga #News1st
Posted by Newsfirst.lk on Thursday, June 8, 2017
සටහන: වසන්ත බංඩාර
වීඩියෝව සිරසෙන්