අපරාධපුවතකට වැඩි යමක්

දෙමළ සරණාගතයන් ලංකාවට පිටුවහල් කිරීම නවත්වන්න – මන්ත්‍රී අරියනේන්ද්‍රන්

දේශපාලන රුකවරණ ප්‍රතික්ෂේප වූවන් ශ්‍රී ලංකාවට පිටුවල් කිරීම නතර කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරියනේන්ද්‍රන් බටහිර රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී. ඔහු මෙසේ පවසා සිටින්නේ ජීවිත ආරක්ෂාව පතා විවිධ රටවලට සංක්‍රමණය වන සංක්‍රමණික දෙමළ ජනයා දේශපාලන රුකවරණ ප්‍රතික්ෂේප වීම නිසා නැවත ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් මාධ්‍යනිවේදනයක් නිකුත් කරමිනි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෑතකදී දේශපාලන රැකවරණ අහිමිවීමෙන් ගෝකූලන් රාජේෂ් නැමති තරුණයා කැනඩාවෙන් පිටුවල් කර ඇති බවයි. මෙසෙල පිටුවහල් කරන පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔවුන් ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන බවත් එසේම ඔවුන් විවිධ වධහිංසාවන්ට පත්වන බවත් දෙමළ සන්ධාන මන්ත්‍රීවරයා පවසා සිටී.

එලෙස ශ්‍රී ලංකාවට පිටුවහල් කරන පුද්ගලයන් විවිධ වදහිංසාවන් ලක්වන බව විවිධ වාර්තා මගින පසුගිය කාලය පුරාම පෙන්වා දෙන ලදී. මේ වසරේ පෙබරවාරියේදී එංගලන්තයේ දේශපාලන රැකවරණ අහිමි වූ දෙමළ ජාතිකයන් ශ්‍රී ලංකාවට පිටුවහල්කිරීම එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වාරණ නියෝගයක්ද නිකුත් කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස දක්වන දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ දෙමළ ජනයා ​​දෛනිකව සිය ජීවිත පවා පරදුවට තබමින් වෙනත් රටවල් වෙත සංක්‍රමණය වීමේ යතාර්ථය ඔවුන්ට සිය සමාජ දේශපාලන සහ ආර්ථිකමය සුරක්ෂිතභාවය අහිමිවීම බවයි. ​දෙමළ වර්ග සංහාරය සහ එහි පශ්චාත් වර්ග සංහාර ක්‍රියාවලිය තුළ දෙමළ ජන සමාජය දැඩි තැතිගැන්මකට ලක්වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

“විශේෂයෙන් බටහිර රටවල් වෙත යන සරණාගත දෙමළ ජනයා නැවත පිටුවල් කිරීමේදී ඔවුන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශයන්ගේ සෘජු පළිගැනීමකට ලක්විය හැකියි. මන්ද එම ජනයා එලෙස පිටව යාමට හේතු සොයනවා වෙනුවට ශ්‍රී ලංකා තුළ දෙමළ ජනයට එරෙහිව පවතින්නේ මර්ධනකාරී ප්‍රතිපත්තියක්. ඔවුන්ගේ මනෝභාවය එම ජනයාලේ පළිගැනීමයි”

බහුතර ආරක්ෂක අංශ නිළධාරීන්ගේ සිත්වල දෙමළ ජනයා කෙරෙහි ඉතාම ධරුණු වෛරයක් නිර්මාණය කිරීමට දකුණේ රාජපක්ෂ හිතවාදී මාධ්‍ය හා බොහෝ සිංහල මිනිසුන් ක්‍රියාකොට තිබේ. ජීවිත බේරාගැනීමට රටින් පිටවූවන් යළි මෙරටට පැමිණෙන්නේ දේශද්‍රෝහී ලේබලය මතයි. ඔවුන්ගෙන් බොහෝ දෙනකු ගුවන්තොටුපොළේදීම අත්තඩංගුවට පත්වන අතර ඇතමුන් තම ගම්බිම්වලදී අත්තඩංගුවට පත්වී ධරුන වද බන්දනයන්ට ලක්වන බවයි අප මේ පිළිබඳව කළ සොයාබැලීමකදී වාර්තාවන්නේ. පසුගියදා ඕස්ට්‍රේලියානු ABC රූපවාහිණිය විකාශනය කළ කුමර්ගේ වාර්තාව මේ සඳහා හොඳම උදහරනයකි.

සටහන: ඩෙස්කා කුඩාවිල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *