අපරාධ

වෙනස් මතදරන්නවුන් දඩයම දිගටම TNPF ක්‍රියාකාරීන් අත්අඩංගුවට

දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් එස්. කජේන්ද්‍රන් සහ එම පක්ෂයේ ජාතික සංවිධායක විශ්වලිංගම් මනිවන්නන් සහ තවත් දෙමළ ​ජාතික ජනතා පෙරමුණේ ක්‍රියාකරුවන් 13 දෙනෙකු ශ්‍රී ලංකා පොලීසිය විසින් ත්‍රස්ත විමර්ෂන පනත යටතේ යැයි කියමින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මෙසේ අත්අඩංගුවයට ගෙන ඇත්තේ මාන්නා​රමේ පැවති 2009 මැයි 18 වැනිදා දෙමළ ජනයා දහස් ගණනක් ඝාතනය අනුස්මරණය කිරීම සදහා සංවිධානය කර තිබූ මුල්ලි​​වෛයිකාල් අනුස්මරණ උළෙලලකට සහභාගී වෙමින් සිටියදී වෙයි. දෙමළ ජාතික ජනතා පෙරමුණේ දේශපාලන කටයුතු මර්ධනය කිරීමේ අරමුණෙන් ආරක්ෂක අමාතංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සෘජු නියෝග මත ක්‍රියාත්මක වන ත්‍රස්ථ විමර්ෂණ ඒකකය විසින් ​මෙ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව මන්නාරමෙන් ලැබෙන මූලික තොරතුරු වලින් වාර්තා වෙයි.

විශේෂයෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණෙ දේශපාලන කටයුතු මර්ධනය කිරීමට රාජපක්ෂ රජයට සහ ඔවුන්ගේ ආරක්ෂක අමාතංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂට දැඩි අවශ්‍යතාවයක් ඇති තිබෙන බව පසුගිය කාලය පුරා එම පෙරමුණට සහ එහි නායකයන්ට එරෙහින ගෙන ගිය ​වෛරී ප්‍රකාශ සහ එම පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් වෙතද විවිධකාරයේ බලපෑම් එල්ලවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *