අපරාධපුවතකට වැඩි යමක්

අවසන් යුධ සමයේ භාරවු දෙවනපෙළ නායකයින් ආණ්ඩුව භාරයේ

යුද්ධයේ අවසාන අදියරේදී ශ්‍රී ලංකා රජයේ හමුදා වෙත බාර වූ දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායකයින් ශ්‍රී ලංකා හමුදාව විසින් රදවාගෙන සිටින බවට හෙළීවී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මන්වරයා ප්‍රකාශකර සිටී.

යුද්ධයේ අවසාන අදියරේදී හමුදාවට බාරවූ දෙමළ විමුක්ති කොටි සංවිධානයේ බොහෝ නායකයන් අත්අඩංගුවේ සිටින්නේද නැද්ද යන්න පිළිබද රාජපක්ෂ රජය කිසිදු ප්‍රකාශයක් සිදුකරන්නේ නැති නමුත් උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමට එම පිරිස් හමුදාවට බාරවනු තමන් දුටු බවට සාක්ෂිද ඉදිරිපත් විය.

මේ තත්ත්වයක් තුළ හමුදා බුද්ධි අංශ සහ හමුදාවේ දැඩි රැකවල් මධ්‍යයේ පසුගිය 27 වැනිදා දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායක එස්.තමිල්සෙල්වම්ගේ බිරිද, ෂෂි​​රේඛා තමිල්සෙල්වම් කිලිනොච්චිය විදුහලට පැමිණීම තුළ තවත් බොහෝ නායකයන් හමුදා බාරයේ සිටින බවට පැහැදිළි බව දෙමළ සන්ධාන මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

පසුගිය 27 වැනිදා දරුවන්ගේ උප්පැන්න සහතික ලබාගැනීමට සදහා ශෂිරේඛා තමිල්සෙල්වම් මෙලෙස කිලිනොච්චිය විදුහලට මෙලෙස ඉතා රහසිගතව කැදවාගෙන පැමිණ ඇත. දෙමළ විමුක්ති සංවිධානයේ දේශපාලන අංශ නායකයාගේ දරුවන්ට පසුගිය වසර 4 ක කාලය පුරාම අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි වී අති අතර එම දරුවන්ගේ නම් පවා වෙනස් කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය අයවැය විවාදය හා එක්වෙමින් ද ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ හමුදාව රදවාගෙන සිටින දෙමළ විමුක්ති කොටි සංවිධානයේ ප්‍රධාන පෙලේ සහ ඔවුන්ගේ අණදෙන්නන්ගේ පවුල් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කල යුතු බවත්, යුද්ධයෙන් පසු ඔවුන්ට නිදහසේ සමාජගත වීමිට අවස්ථාව සැලසිය යුතු බවයි. රජය එම අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් නිහඩව සිටියත් , දැන් ඔවුන් රජයේ භාර​යේ සිටින බව අනාවරණය වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

” ත්‍රස්ථවාදය පරාජය කළැයි  පුරසාරම් පවසමින් නොසිට , ආරක්ෂක අංශ භාරයේ තබාගෙන සිටින තමිල්සෙල්වම්ගේ බිරිද පමණක් නොව රදවාගෙන සිටින සියලු පුද්ගලයන් නිදහස් කර ඔවුන්ට සමාජ ගතවීමට අවස්ථාව ලබාදිය යුතුයි.”

මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කරන්නේ මානව හිමිකම් සංවිධාන, අන්තර්ජාතික ප්‍රජව ඒ වෙනුවෙන් රජයට බලපෑම් කළයුතු බවයි. උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ සාක්ෂි කැදවීමේදීද විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන අංශ නායකයෙකු වූ යෝගීරත්නම්ගේ බිරිද සාක්ෂිදෙමින් ප්‍රකාශ කර සිටියේ (මුලතිව් හිදි)තම සැමියා ඇතුළු පනස් දෙනෙකුට ආසන්න පිරිසක් රජයට බාර වු පසු බස් රථ වලට නංවා ගත් බව කියා සිටියාය. තවත් කාන්තාවක් තමන් එබඳු බස් රථ දහසයක් ගණන් කළ බව කියා සිටියාය. මේසේ බස් රථ වලට නංවා ගත් පිරිස අතර, ඉලම්පත්ත්‍රි (පුදුකුඩුඉරියප්පු හි දේශපාලන නායක), රූබන්, බාබු හා වෙලාවන්, එල් ටීටීඊ කවියෙක් වු පුතු​​වෛයි රත්නතුරෙයි, අධ්‍යාපන අංශය භාර ව සිටි බේබි සුබ‍්‍රමනියම් හා කලක් එල් ටීටීඊ අන්තර් ජාතික අංශය භාර ව සිටි තයිලගර් යන අන්වර්ථ නාමයන් ගෙන් හදුන්වන ලද එල් ටි ටි ඊ නායකයින් සිටි හමුදා බස්රථ වලට නංවාගෙන රැගෙන ගිය බව තමන් ඇසින් දුටු බවයි.

මූලාශ්‍රය : වන්නිපෝස්ට්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *