මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම හා පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් අත් පා කැඩෙනතුරු පහරදීම ඇතුළු අපරාධ රැසකට යොදා ගත් බවට සැක කෙරෙන වෑන් රථයක් පිළියන්දලින් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
ද නේෂන් පුවත්පතේ හිටපු කතෘ කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහර දීම සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගත් යුධ හමුදා මේජර් බුලවත්තගේ හිතවත් කාන්තාවකගේ නිවසක තිබී ඊයේ(28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වෑන් රථය සොයාගෙන ඇත.
මේ අනුව පසුගිය රාජපක්ෂ භීෂන සමයේ බොහෝ අපරාධයන්හි යම් යම් තොරතුරු එලියට එන්නට පටන්ගෙන ඇති බවත් විශේෂයෙන්ම ඊයේ අත්තඩංගුවට ගත් මෙම වෑන් රථය සාමාන්‍ය පිටුපස සීට් කිසිවක් නොමැති බවත් ඒ අනුව බොහෝ විට මෙම වැන් රථය පැහැරගැනීම් සඳහාම වෙන්වූ එක් වාහනයක් බව සැක කල හැකි බවයි තතු දත් පොලිස් නිළධාරියකු අප සමඟ සඳහන් කර සිටියේ.
මේ වන විට මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු, යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී. ඔවුන්ගේ ඉදිරි නඬු කටයුතු පහසු කිරීම සඳහා අත්තඩංගුවට ගත් මෙම වාහනය මහඟු සාක්කි සපයනු ඇති බවයි තතු දත් එම පොලිස් නිළධාරියා වැඩි දුරටත් අප සමඟ සඳහන් කර සිටියේ.
සටහන : වසන්ත බංඩාර