සාමාන්‍ය

ලංකාවෙන් හලාල් ලකුණ ඉවතට

බෞද්ධ භික්ෂූන් වහන්සේ සමඟද සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව,  ලංකාවේ ජාතීන් අතර සහජීවනය පවත්වා ගැනීමේ අරමුණින් පාරිභෝගික භාණ්ඩවල හලාල් ලාංඡනය ඉවත් කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව පවසයි. ලංකා වාණිජ මණ්ඩලයේ මෙහෙයවීමෙන් උලමා සභාව සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ එක්ව කොළඹදී පැවැත්වූ මාධ්ය සාකච්ඡාවකදීයි, උලමා සභාව ඒ බව කියා සිටියේ.

සිංහල සහ මුස්ලිම් ජාතිකයන් අතර කලක් මුළුල්ලේ පවතින සමගිය පලුදු නොවන ආකාරයේ තීන්දුවක් ගැනීම පිණිස නායක ස්වාමීන් වහන්සේලා පිරිසක් මුස්ලිම් නායකයන සමඟ සාකච්ඡා කළ බව එහිදී ප්‍රකාශයක් කළ ආචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පැවසූහ. ජමියතුල් උලමා සභාවේ හලාල් අංශයේ ප්‍රධානී මුර්ශික් මුලාෆර් අදහස් දක්වමින් කියා සිටියේ හලාල් සහතිකය නිකුත් කිරීමේදී ගාස්තුවක් අය කලේ ඒ සඳහා වැය වන වියදම පියවා ගැනීම සඳහා බවයි.  කෙසේ නමුත් එසේ ගාස්තුවක් අය කිරීමත් ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සහජීවනයට හානි කරන්නක් බවට මතයක් පවතින්නේ නම් එම ගාස්තුව පවා ඉවත් කර ගැනීමට තමන් සූදානම් බව ද ඔහු පැවසීය.

සටහන:  සේන හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *