මාධ්‍ය නියාමන කොමිසමක් ගෙන ඒමෙන් ආණ්ඩුව විරුද්ධ මත ජනතාව අතරට ගෙනයාම වැලැක්වීමේ අරමුණකින් කටයුතු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
ජනමාධය ඇමැති ගයන්ත කරුනාතිලක මාධ්‍ය නියාමන කොමිසමක් පිළිබද කළ ප්‍රකාශයක් පිළිබද අදහස් දක්වමින් පුබුදු ජය ගොඩ ප්‍රකාහ කළේ මෙය පැහැදිලිවම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උදුරාගැනීමේ අරමුණින් ගෙන එන උත්සාහයක් බවයි. තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධ පනත තුළ තොරතුරු සැගවීමේ වගන්ති අඩංගු වන අතර ඒවා විවේචනය කළ පසුව ඇතැම් වගන්ති ඉවත් කරන්නට ආණ්ඩුව පියවර ගත් බවද පෙන්වා දුන්නේය. මාධ්‍ය නිදහස දෙන බව පවසමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දෙන බව කියමින් පැමිනි ආන්ඩුව මාධය පාලනය කිරීමට උත්සාහ දැරිම සම්බන්ධව විරෝධය පල කරන බවත් එය පරාජය කල යුතු බවත් පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.