යාපනය නගරයට ආසන්න මනිප්පායි හි සංගිලිපායි සංගුවේලි පුල්ලෙයාර් කෝවිල අසලදී ඊයේ සවස 5.10 ට පමණ තරුණයෙකු පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ. මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ කන්දෙයාර් ජේසුදන් නමැති මෙම 28 හැවිරිදි තරුණයෙකි.
කන්දෙයාර් ජේසුදන් සංගුවේලි පුල්ලෙයාර් කෝවිල ඉදිරිපිට සිටියදී ‘සුදු වෑන්‘ රථයක් පැමිණ පැහැර ගෙන ගිය බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසයි. පැහැරගැනුණු තරුණයාගේ පවුලේ සාමාජිකයින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මානිප්පායි පොලිසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ. මේ තරුණයා පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් හෙළි වී නොමැත. මේ පිළිබඳව ඇදහස් දැක් වූ අයෙකු අප සමඟ සඳහන් කළේ යාපනයේ අඩියක් ගානේ හමුදා හා පොලීසිය සිටියදී ඔවුන්ගේ මුරපොළවල් පසුකර මෙසේ පැහැර ගැනීම පුදුමය දනවන කරුණයක් බවයි.
යුද්ධය පැවති කාලයේත් ඉන් පසුව තවමත් මෙම පැහැරගැනීම් වල වෙනසක් ඉදු වී නොමැත. තවමත් ඊනියා බුද්ධි අංශ යැයි කියාගන්නා අය නිරායුධ වැසියන් අතුරුදහන් කිරීම් දිගටම කරගෙන යයි. තමිල් මිනිසා සුපුරුදු පරිදි තවත් වටයකින් සූරාකෑමට ලක්වෙයි. අඩුම තරමේ තමන්ගේ යහළුවකු මිතුරකු හමුවීමට ගියත් ඔහු හෝ ඇය යළි නිවසට එන තුරු සුපුරුදු බියෙන් ම සමීපතමයන්හට සිටීමට සිදුවේ. ඒ තාමත් තමිල් මිහිසාට බයේ වෙවුලන ඊනියා දේශප්‍රේමීන්ගේ අනිකා යටහත් පහත් කර තබාගැනීමේ එදා සිට පැවත එන දූපත් මානසිකත්වයේ වහල් ගතියයි.
සටහන: ඩෙස්කා කුඩාවිල