කරාපිටිය රෝහල ඉදිරිපිට ගෙවල් 10 ක (පවුල් 32 ක් සිටී) කුඩා මුස්ලිම් ජනාවාසයක් සහ සුද්දයෙන්ම අතුගා දැමීමට නාගරික සංවර්ධන අධිකාරියට ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ ගෙන් අණ ලැබී ඇතැයි වාර්ථාවෙයි.
ඊයේ (19) බලහත්කාරයෙන්ම පොලිස් රැකවල් සමග එහි ගිය නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ කම්කරුවන් එම නිවාස 10 අයත් භූමි භාගය ආවරණය කරමින් වැට ගසා මායිම් දමා ඇත. එවිට එම නිවැසියන් ගාල්ලේ මහනගරසභාවේ නිළධාරීන් හමුවී තමන්ට වන්දියක් හෝ නොගෙවා තමන්ව එලවා දමන්නේ කුමන පදනමකින්දැයි විමසා ඇති අතර එවිට එම නිලධාරීන් පවසා ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළින්ම ලැබුණු නියෝගයක් අනුව තමන් රාජකාරීකරන බවකි.
එම නිවැසියන්ට මෙම භූමියට වසර 150 ක් පමණ පැරණි නීත්‍යනුකූල උරුමයක් පවතින අතර මෙම භූමියේ ඔවුන් සිය ව්‍යාපාර කටයුතුද (වෙළදසැල්) පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම මෙම ප්‍රදේශයේ පර්චසයක වෙළද වටිනාකම රුපියල් ලක්ෂ 15-20 අතර පවතී. එහෙත් මීට පෙර ගාල්ල මහ නගර සභාව මගින් ඔවුන්ට දැනුම් දී ඇත්තේ පර්චසයකට ලක්ෂ 2 ක් ගෙවීමට රජයේ තක්සේරුකරුවන් නිර්දේශ කර ඇති බවකි. එමෙන්ම ඔවුන්ට දඩල්ලේ සුනාමි නිවාස ලබා දිය හැකි බවද පවසා ඇත. එහෙත් මෙම නිවැසියන් පවසන්නේ තමන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සංඛ්‍යාව අනුව කුඩා කාමරදෙකක එම නිවස්න කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, ලක්ෂ දෙකක මුදලක් වන්දි වශයෙන් ගෙවීම ද කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ය.
රාජපක්ෂවරුන් මේ අර අදිමින් සිටින්නේ උතුරේ මෙන්ම දකුණේද වෙනත් වටයකින් ජනයා භියට පත්කර තලාපෙලා දැමීමටයි. මිනීමරු රාජපක්ෂවරුන් දැන් මුස්ලිම් ජනයා ඉලක්ක කරගෙන මේ යළිත් වටයකින් අර අදින්නේ රටේ යළිත් ලේ වැගිරීමක ආරම්භයකට මුලපුරන්නදැයි අපට සැක පහල වේ. 83 දීත් 88 – 89 දීත් දකුණේ සිංහල හා දෙමළ මිනිසුන්ගේ ලේ උරාබී ලේ රසට ගිජු රාජපක්ෂවරු පසුගිය කාලය පුරාම ටමිල් ලේවල රහ බැලූහ. දැන් මුසල්මානු ලේ වල රහ බලන්න කැසකවමින් සිටින බවනම් කිව යුතුමය. මරණවලින් පාඩම් ඉගෙන නොගන්නා මේ රටේ ඇතැම් මිනිසුන් ද රාජපක්ෂවරුන්ට උල්පන්දම් ඇල්ලීම පුරුද්දක් කරගෙන සිටීම මුළු රටේම අවාසනාවකි.
සටහන: සේන හේරත්