අද දවසේ දකුණේ සිංහල මිනිසා ජීවත් වන්නේ නිදහස් වෙළෙඳපොළ සහ සාමය යන ව්‍යාජ පරමාදර්ශ මතය. 2009 වර්ෂයේ සිංහල මිලිටරි ජයග්‍රහණය නිසා දකුණේ මනස ආතල් වී ඇත්තේ අනන්තය කරා දිගු වන ප්‍රගතිය කරාය. පළමු ලෝක යුද්ධයට පෙර 19 වන සියවසේ අවසාන කාර්තුවේ දී යුරෝපයේ මිනිසුන් ද ජීවත් වූ සාමය සහ නිදහස් වෙළෙඳපොළ යන බැනර යටතේය. එකළ යුරෝපය තුළ තහවුරු වූ පරමාදර්ශ මොනවාද? ඒවා වූයේ බහුජන සංස්කෘතිය, විනෝද කර්මාන්තය (සම්භාව්‍ය සංස්කෘතිය වෙනුවට) ත්‍රස්තවාදය, ලිංගිකත්වය ගැන දැඩි උනන්දුව, ජනප්‍රිය ප්රතිරූප කෙරෙහි වූ ලොල් බව සහ අවසාන වශයෙන් වෙළෙඳපොළ යාන්ත්රණයයි.
සිංහල මනසට අනුව ත්‍රස්තවාදය ශ්‍රී ලංකාව ජයගෙන ඇත. ජෙනරාල් ෆොන්සේකාට අනුව ත්‍රස්තවාදය ජයගැනීම අරඹයා අප ලෝකයට නියම ප්‍රමිතියක් ලබාදී ඇත. නමුත් සිංහල මනස අමතක කරන්නේ අද යුරෝපයට සිදු වී ඇත්තේ කුමක්ද යන්නය. අද යුරෝපය පුරා ත්‍රස්තවාදය පැතිර යමින් පවතියි. නමුත් එහි දී ෆොන්සේකා තියරිය ආරෝපණය කළ නොහැකිය. පසුගිය දා බර්ලිනයේ දී සිදු වූ බස් රථ ප්‍රහාරය නිසා යුරෝපය සෙලවී යුරෝපය සහ අමෙරිකාව පැත්තෙන් ගත් විට ඔවුන්ගේ සාමය සහ නිදහස් වෙළෙඳපොළ අවසාන වී ඇත. ත්‍රස්තවාදය ආරම්භ වී ඇත.
උභතෝකෝටිකය වන්නේ සිංහල මනස ප්‍රගතිය, ප්රජාතන්ත්රවාදය, නිදහස් වෙළෙඳපොළ, විවෘත හොරකම පටන් ගන්නා විටම ශිෂ්ට මූලධර්ම මත පදනම් වූ යුරෝපීය ශිෂ්ටාචාරය පදනමින්ම අභියෝගයට ලක් වීමයි. මෙම තත්ත්වය විසඳීමට ෆොන්සේකා තියරිය (සමූල ඝාතනය) යුරෝපීයන්ට පාවිච්චි කළ හැකිද? යුරෝපය මේ ඇතුළු වී ඇත්තේ රටවල් අතර යුද්ධයකට නොවේ. එක පැත්තකින් යුරෝපය වෙළෙඳපොළ හරහා යුරෝපා සංගමය ලෙස එක්සත් වන අතරම අනෙක් පැත්තෙන් යුරෝපීය ධනවාදයට එරෙහි අධ්‍යාත්මික ප්‍රහාරය එල්ල වන්නේ ඉස්ලාමීය මූලධර්මවාදයෙනි. ධනවාදය සමඟ නරුමවාදී සංසුන් පරතරයක් පවත්වාගෙන යන අධ්‍යාත්මික බටහිර බුද්ධාගම වෙනුවට රැඩිකල් ඉස්ලාම්වාදය ධනවාදයේ ම්ලේච්ඡ පරිභෝජනවාදය උන්මූල වශයෙන් ප්‍රශ්න කරමින් සිටියි.
හරියටම සිංහල මනස නිදහස් වෙළෙඳපොළට සහ නිම නොවන සාමයට ආතල් වන විටම එම මනසේ අනික් පැත්ත එනම් යුරෝපය සහ අමෙරිකාව ත්රස්තවාදයට සම්මුඛ වී ඇත. මෙම පරස්පරය සිංහල මනසට පමණක් නොව සිංහල පාලකයාට ද සම්මුඛ වී ඇත. මෙම හේතුව නිසා ශ්‍රී ලංකාවේ දේශපාලන යථාර්ථය එකතැන පල් වෙන තත්ත්වයකට තල්ලූ කර ඇත. ලංකාවේ උතුරේ ගැටලූවට විසඳුම් කට්ටලය යෝජනා කරනු ලබන්නේ යුරෝපය සහ අමෙරිකාවයි. ඒ අයට අභ්‍යන්තරික වශයෙන් මුහුණ දීමට සිදු වී ඇත්තේ ඉස්ලාම් ත්රස්තවාදයට සහ සරණාගතයන්ගේ ගැටලූවලටය. එහි පලයක් ලෙස යුරෝපයේ සහ අමෙරිකාවේ අභ්‍යන්තර පාලනය ජාතිවාදය සහ ජනප්‍රියවාදය කරා ගමන් කරමින් සිටියි. මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලූවට අදාළව ඉදිරිපත් වීමට නියමිත ප‍්‍රජාතාන්ති‍්‍රක විසඳුම සතු දේශපාලන පිටුබලය අතාර්කික වීමට නියමිතය. එහි අතුරු ඵලයක් ලෙස දේශීය යාන්ත්‍රණයේ දේශපාලන ඒජන්තයන් වන රාජ්‍ය නොවන සංවිධානවල අධෝ ව්‍යුහය (මූල්‍ය බලය) ද දුර්වල වීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහතුන්ගේ දේශපාලන අනාගතය රැඳී පවතින්නේ ඡන්ද ක්රමයේ ඉලක්කම් මතය. එම ඉලක්කම් සෙල්ලම නොහොත් ගණිතය මඟින් අපට උගන්වන්නේ සිංහල ඡන්දදායකයාගේ මනස ගැන මිස ප්රජාතන්ත්රවාදයේ සුළුතර අයිතිවාසිකම් ගැන නොවේ.
උතුරේ ගැටලූව සහ චීනය
යුරෝපයට සහ අමෙරිකාවට සාපේක්ෂව ගත් කළ ඔවුන්ගේ නිදහස් වෙළෙඳපොළ සහ සාම කාලය අවසන් වී ඇත. ලෝක ගෝලයේ දේශපාලන බලය දෙපැත්තකට ගමන් කරමින් තිබේ. එහි එක පැත්තක අමෙරිකාව සහ යුරෝපය ඇත. අනෙක් පැත්තේ සිටින්නේ රුසියාව සහ චීනය ප්රමුඛ නව ධනවාදී කවයයි. ලංකාවේ වාර්ගික ගැටලූව සම්බන්ධයෙන් ඉහත ගෝලීය ධ්‍රැවීයකරණය ඉතා අයහපත්ය. ලංකාවේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිරියට පැමිණීමට නියමිත ප්රාග්ධනය වන්නේ චීන ප්‍රාග්ධනයයි. චීන ප්රාග්ධනයට
ලංකාවේ උතුරේ ගැටලූව දේශපාලන එකක් ලෙස වටහා ගැනීමට අවශ්‍ය නැත. ඇත්ත වශයෙන්ම 2009ජයග්‍රහණයේ පිටුපසින් පැවතියේ ද චීන ප්රාග්ධනය සහ උණ්ඩය. මේ හේතුව නිසා චීනය ලංකාවේ අධෝව්‍යුහයේ සංවර්ධනය ගැන මිස උතුරේ ගැටලූව ගැන සංවේදී වන්නේ නැත.
ධනවාදයට ප්රජාතන්ත්රවාදය රහිතව ජවයෙන් යුතුව ඉදිරියට ගමන් කළ හැකි බව ලෝකයට පෙන්වා දුන්නේ සිංගප්පූරුව සහ චීනයයි. එක්සත් ජාතික පක්ෂය තවමත් ප්රජාතන්ත්රවාදයේ මුරදේවතාවා ලෙස භෞතීස්ම කළත් එහි නායකයන්ගේ අවිඥානික ආශාව වන්නේ සිංගප්පූරුවයි. එහි නායකයා වූ ලී ක්වාන් යූ යනු ඒකාධිපතියෙක් බව ඔවුන්ට අමතක වෙයි. ‘ආර්ථිකය’ වර්ධනය කිරීමේ සිංගප්පූරු මොඩලය ලංකාවේ හොඳින්ම කි‍්‍රයාත්මක කරන්නේ රටේ නාමික මුදල් ඇමැතිවරයා ඔහු කරන දෙය ගැන නරුමවාදීව බලන් සිටිනවා හැර වෙන දෙයක් කිරීමට රනිල් වික්‍රමසිංහ දන්නේ ද නැත. මින් අදහස් වන්නේ ලෝක මට්ටමින් ධනවාදය ඉදිරියට යන ප්රජාතන්ත්ර විරහිත මාර්ගය සඳහා ලංකාවේ විකල්පය මහින්ද හෝ ගෝඨාභය යන්නය. ධනවාදය වර්ධනය කිරීමේ ශුද්ධ රූපකය චීනය වන විට එහි දේශපාලන මාදිලිය ද ලංකාවට ආනයනය වීමට නියමිතය.
ඉන්දියාව සහ ත්‍රස්තවාදය
අනෙක් අතට උතුරේ ප්‍රශ්නයට රටේ දේශපාලකයන් වඩ වඩා අසංවේදී වන විට ඉන්දියානු විකල්පය පැත්තේ සිටින ටීඑන්ඒ සංවිධානය උතුරේ ජනතාව අතර අතාර්කික වීමට නියමිතය. ටීඑන්ඒ යනු ලංකාවේ අංක ගණිතය ඉදිරියේ දෙමළ ජනයාට ඉතිරිව තිබු එකම ප්‍රජාතාන්ත්‍රික විකල්පයයි. ලංකාවට චීන ප්රාග්ධනය නිරාවරණය වන විට ඒ සමඟම ලංකාව තුළ ඉන්දීය බලපෑම දුර්වල වන අතර ඒ සඳහා ප්රතිකි්රයා කිරීමට ඉන්දියාවට ඉතුරු වන්නේ ත්‍රස්තවාදය පමණි. විකල්පයක් නැති තැන යුරෝපයට සහ අමෙරිකාවට ඉතුරු වන්නේ ද ත්රස්තවාදයට උදව් දීම පමණි. සිරියාවේ දී සැබැවින්ම සිදු වූයේ මෙයයි.
80 දශකය පුරා ලංකාවේ සිදු වූ දෙය ඉහත ලෝක තත්ත්වය හමුවේ යළි පුනරාවර්තනය වීමට ඇති ඉඩකඩ වැඩිය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජනප්‍රිය තලයේ කරමින් සිටින වැඩ නිසා උතුරේ දෙමළ ජනයාට යන පණිවුඩය මෙසේය. ”ප්රජාතන්ත්රවාදය සිංහල එකකි. ඒ තුළ අපට අයිතිවාසිකම් දිනා ගත නොහැකිය” මෙය 83වර්ෂයේ අර්ථය යළි පැමිණීමකි. ජනාධිපතිවරයාගේ උපදේශකයන්ට අවශ්‍ය වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ බලයට ඒම වැළැක්වීම මිස උතුරේ ගැටලූවට විසඳුමක් දීම නොවේ. එය එසේ නොවේ නම් රවිරාජ්ගේ නඩු තීන්දුව ගැන මීට වඩා සංවේදී විය යුතුය. එම නඩු තීන්දුව හරහා මුළු මහත් සිවිල් සමාජයම ‘සිංහල’ බව දෙමළ ජනයාට තේරුම් ගියේය. ඉන් අදහස් වන්නේ ව්‍යවස්ථා සංශෝධනයට පෙරම එය Blast වී ඇති බවයි. අනෙක් අතට රනිල් වික්‍රමසිංහ මහතා 2020 වන තුරු කල් මැරීමට උත්සාහ කරයි. එමඟින් ඔහු උකස් තබා ඇත්තේ විවිධ වේෂ නිරූපණ මඟින් සිවිල් දේශපාලනය සුජාත කිරීමට උත්සාහ කරන My name is Banda ලාගේය.
සමස්තයක් ලෙස සලකා බැලූ විට පවතින ලෝක යථාර්ථය තුළ ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයත්, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ද අවසාන වශයෙන් නිදහස් වෙළෙඳපොළත් අභියෝගයට ලක් වීමට නියමිතය. කාලය මරා දැමීම හැර ආණ්ඩුවට වෙන විකල්පයක් නැත. මේ හේතුව නිසා යම් මොහොතකට පසු රැඩිකල් ආවේගය උතුරෙන් යළි පටන් ගනු ඇත. එම තත්ත්වය විසින් ලංකාවේ දී ට්‍රම්ප්ව බලයට පත් කරනු ඇත. තිමිරය පුපුරවා හැරියේ නැති නම් 80 දශකය යළි පුනරාවර්තනය වනු ඇත.
දීප්ති කුමාර ගුණරත්න
උපුටාගත්තේ සත්හඬෙන්