උතුරු පළාත් ආණ්ඩුකාර හිටපු යාපනය ආඥාපති ජී.ඒ.චන්ද්‍රසිරි විසින් තරුපහේ හෝටලයක් ඉදිකිරීම සදහා මන්නාරම් දිස්ත්‍රික්කයේ අක්කර 30ක රජයට අයත් ඉඩමක් අත්පත්කරගෙන ඇතැයි GTN පුවත් සේවය අනාවරණය කර සිටී. මෙලෙස අත්පත්කරගෙන ඇති ඉඩම තමන්ගේ නමට පවරාදෙන ලෙස ඔහු විසින් උතුරු පළාත් ඉඩම් දේපාර්තුමෙන්ත්තුවේ නිළධාරීන්ට බලපෑම් කිරීමෙන් අනතුරුව එම ඉඩම ඔහුට පැවරීමට එම නිළධාරීන් කටයුතු කර තිබේ.
විශේෂයෙන් ඉදිරියේදී උතුරු පළාත් සභා මැතිවරණය අවසන් වීමෙන් පසු තමන්ගේ නිලය හුදු නාමික නිලයක් වන බව දන්නා ආණ්ඩුකාර හිටපු යාපනය ආඥාපති ජී.ඒ චන්ද්‍රසිරි මෙලෙස එයට පෙර තමන්ගේ කාර්යන් සිදුකර ගැනීමට ඉක්මන් වන බව වැඩිදුරටත් වාර්තා වෙයි. විශේෂයෙන් අදාළ හෝටලය ඉදිකිරීමට ඉඩම පවරා ගැනීමේදී ඔහු දිගින් දිගටම නිළධාරීන්ට බලපෑම්කර එය හදිසි කාර්යක් බව දන්වා තිබේ.
මේ අතර GTN පුවත් සේවය තවදුරටත් සිය අනාවරණය මගින් පෙන්වා දෙන්නේ ජී.ඒ චන්ද්‍රසිරිගේ දරුවන් ඔස්ට්‍රෙලියානු පුරවැසිභාවය ලබා සිටින අතර ඔවුන් එම රටට පැමිණෙන ලෙස දන්වා සිටියත් යුධ අපරාධ චෝදනා තමාවෙත එල්ලවන බව දන්නා ඔහු එහි යෑම ප්රතික්පේෂප කරන බවයි වාර්ථාවෙන්නේ.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයා එලෙස රජයේ ඉඩම් තමන්ගේ නමට පවරා ගනිමින් තමන්ට රිසිලෙස කටයුතු කරමින් සිටියත් භූමියේ පාරම්පරික හිමිකරුවන් තවමත් සිටින්නේ අවතැන්වය. මන්නාරම් දිස්ත්‍රික්කයේ, මුල්ලිකුලම් ගම්මානය වෙත 2007 වර්ෂයේදී පැමිණි ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව විසින් ගම්වැසියන්ට පවසා සිටියේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට ගම්මානයෙන් ඉවත්වෙන ලෙසයි. දින තුනක් අවසානයේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුව යළිත් තම ගමට පැමිණිය හැකි බව ඔවුන් එහිදී පවසා ඇත. මේ 2013යි. හමුදාවේ දින 03 තවමත් ගෙවී නොමැත. ඒ වෙනුවට මුල්ලිකුලම් ගම්මානය සම්පූර්ණවම වටකරමින් වයඹදිග නාවුක මූලස්ථානය ඉදිකර ඇත. පවුල් 432 මේ නිසාවෙන් අනාථභාවයට පත්වී සිටිති.
තමන්ගේ නිවාස සියල්ල නාවුක හමුදාව විසින් භාවිත කරනු දැක දැක එම ජනතාව ගම්මාන ආසන්නයේ වනයේ අති දුෂ්කර ජීවිතයක් ගතකරති. 2012 ජුනි මස 15 පවුල් 212 ක් තමන්ට තමන්ගේ පාරම්පරික භූමිය නැවත බලාදෙන ලෙස ඉල්ලමින් මුල්ලිකුලම් ගම්මානය අසන්නයේ මරිච්චිකට්ටු කැලෑබඳ ප්‍රදේශයේ පදිංචිවූහ. එය අතිශය දුෂ්කර ජීවීතයක් විය.
එම ප්‍රදේශයේ දෙමළ ජනයා එලෙස තමන්ගේ භූමිය තුළම අවතැන්ව සිටියත් හමුදාව සහ කොළඹ රජයේ නිළධාරීන් තමන්ට රිසි සියලු දේ සිදුකරමින් සිටිති. එහි නව දිගුව උතුරු පළාත් ආණ්ඩුකාරයාගේ තරු පහේ හෝටල් ඉදිකිරීමයි. හිසට සෙවනක් පවා ඉතා අසීරුවෙන් අටවාගනිමින් ජීවතවීමට සිදුව ඇති ජනයාගේ නිවාස සහ ඉඩම් හමුදාව විසින් බලහත් කාරයෙන් අත්පත් කරගෙන සිටීම දෙස බලා සිටිනවා හැරෙන්නට භූමියේ සැබෑ අයිති කරුවන්ට සාධාරණයක් දකුණේ ආණ්ඩුවෙන් ඉටුවෙතැයි විශ්වාස කළ නොහැකි වෙදනාකාරී සත්‍යයකි.
GTN