අපරාධසාමාන්‍ය

පොලිස් කැමරාකරුගෙන් මාධ්‍යවේදීන්ට තර්ජන

අද විජේරාම මංසන්ධියේ සිට නුගේගොඩට පැමිණි ශ්‍රී ජයවර්ධනපුර සිසු උද්ඝෝෂණයේදී පොලිස්  වීඩියෝ කැමරා කරුවෙකු මාධ්‍යවේදීන්ට තර්ජනය කර ඇති බව වාර්තා වේ.

හිරු ටී. වී. කැමරාකරු සිය දර්ශන  පථය ආවරණය වන පරිදි සිසුන් චායාරූපගත කරමින් සිටි අයෙකුට ඉවත් වන ලෙස පැවසීමේදී ඔහු “මම අනුර සේනානායකගේ මිනිහෙක් . බලා ගනින් කරන දේ ” කියමින් මාධ්‍යවේදියාට තර්ජනය කර ඇත.

මෙම වීඩියෝ කැමරාකරු මාධ්‍යවේදියෙකු නොවන අතර ඔහු පොලිස් ඔත්තුකරු වෙකු බව සිසුහු පවසති. පසුව මෙමෙ පුද්ගලයා පැමිණ සිටි මාධ්‍යවේදීන්ද රූ ගත කර ඇත්තේ ඔවුන්ගේ විරෝධයද නොසලකමිනි. සේයාරුවේ දැක්වෙන්නේ එම අනන්‍යතාවය තහවුරු කල නොහැකි වූ කැමරාකරුය.

ශ්‍රී ලංකාවේ රජ්‍ය සහ එහි මර්ධන යානත්‍රණ විසින් දිගින් දිගටම මාධ්‍යවේදීන් ඉලක්කකරගනිමින් මර්ධනයක් දියත් කරමින් සිටින අතර පසුගිය දා දේශ සීමාරහිත මාධ්‍යවේදියෝ සංවිධානය විසින් සිය වාර්තාවක් මගින් පෙන්වා දී තිබුණේ 2009 යෙන් පසු මාධ්‍යවේදීන් 50 කට වැඩි ප්‍රමාණයක් සිය ජීවිත ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඇති බවයි.

සටහන: වසන්ත බංඩාර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *