සාමාන්‍ය

උතුරේ අධ්‍යාපනයේ මිලිටරිකරනය උග්‍ර වෙයි

උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ චන්ද්‍රසිරිගේ උපදෙස් මත උතුරු පළාත් අධ්‍යාපන,සංස්කෘතික සහ ක්‍රීඩා අමාතංශ ලේකම් සී. සත්‍යසීලන් විසින් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලඥයන් කිසිවෙකුට පාළාතේ පාසල් වෙත ඇතුලු වීමේ  අවසර නොමැති බවට ප්‍රදේශීය ලේකම්වරයන්ට, අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට සහ විදුහල්පතිවරුන් වෙත චක්‍රලේකණයක් මගින් දැනුම් දී තිබෙන බව වාර්තා වෙයි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට කිසිවෙකු පාසල් වෙත පැමිණීමය අවසර ලබාදුන්නහොත් එම අදාළ විදුහල්පතිවරුන්ට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවට අදාළ චක්‍රලේඛණය මගින් දැනුම් දී තිබේ.

උතුරු පාළාත් ආණ්ඩුකාරවරයා මෙම නියෝගය ලබාදී ඇත්තේ වර්ග සංහාරක කොළඹ රජයේ ආරක්ෂක අමාතංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් බව ආරංචි මාර්ග සදහන් කරයි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරැන්ට පාසල් වෙත ඇතුලුවීමට වළකාලමින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසන් චක්‍රලේකයක් නිකුත් කරනු ලැබුවද හමුදා නිළඇදුම් ද සහිතව කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයට නිරතුරව ඇතුළවන ශ්‍රී ලංකා හමුදා සෙබලුන් විසින් එම පාසලේ සිසුවියන් හට නිරන්තරයෙන් බාධාකරන බවත් එසේම එම පාසල හමුදා සහ කොළඹ රජයේ විවිධ උත්සව, ප්‍රදර්ශණ පැවැත්වීමට යොදාගැනීම නිසා පාසලේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු වලට එය දැඩිව බලපෑ ඇති බවත් එම පාසලේ දරුවන්ගේ දෙමාපියන් ප්‍රකාශ කර සිටිති.

එසේම ඔවුන් පෙන්වා දනේනේ පළාතේ අධ්‍යපන කටයුතු වලට හමුදාව දිගින් දිගටම මැදිහත් වන බවත් එය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කිරීම දැඩි බාධාවක් බවත් දෙමළ විමුක්ති කොටි සංවිධානය පැවති යුගයේදී අධ්‍යාපනය කටයුතු කිරීමට කිසිදු බාධාවක් නොතිබූ බවත්ය.

මේ අතර පලාතේ පාසල්වල පවත්වන සියලුම උත්සව අදාළ ප්‍රදේශයේ හමුදා කදවුරට දැනුම්දිය යුතු අතර එසේම කදුවුරේ ප්‍රධානියාට ඒ සෑම උත්සවයකට ආරාධනා කිරීම නිළ නොවන ලෙස අනිවාර්ය කර තිබේ. පසුගිය වසරේ කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාල​යේ පැවති ජාතික කියවීමේ වැඩසටහනේ ප්‍රධාන අමුත්තන් ලෙස පැමිණ තිබුණේද කිලිනොච්චය ප්‍රදේශයේ හමුදා නිළධාරීන්ය. එසේම කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්ක තුළ පාසල්වල සිංහල භාෂාව ඉගැන්වීම සදහා හමුදා පිරිස් යොදවා තිබීම දෙමළ අධ්‍යාපනඥයන් විසින් දැඩිව හෙළාදැකීය.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ මෙම නව චක්‍රලේඛණය සම්බන්ධව අදහස් දක්වන උතුරේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු පවසා සිටි​ෙය් අධ්‍යාපනයට දේශපාලන මැදිහත්වීම් වලින් වෙන්කිරීම කිසිදු ගැටලුවක් නෑ. නමුත් මේ ආණ්ඩුකාරවරයාගේ හැසිරීම එවැනි අවංක ක්‍රියාවක් නොවෙයි. මේ සියල්ල සිදුවෙමින් පවතින්නේ උතුරු පළාත් මැතිවරණය පැවැත්වුහොත් ඔවුන්ගේ ඡන්ද ව්‍යාපරය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන මර්ධනය කිරීමේ වැඩපිළවෙලක් බවයි.

මූලාශ්‍රය : වන්නිපෝස්ට්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *