උපුටාගැනීම්විශේෂාංග

ගෝත්‍රික මරි මෝඩකම් මත්තේ නැහෙන මුග්ධයන්ට “මංගල” ඔයා දුන්න උත්තරයනම් පට්ටයි…..

මංගල, කාන්තාවන්ට තිබුණු මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කරලා. මේකත් එක්ක ඇවිස්සුණු කුහක සදාචාරවාදියෝ ටික මංගල “අම්මා” කියන වචනෙට තිබුණ උත්තරීතර හැඟීමටත් අපහාස කරලාලු.

පැරණි මහා සංස්කෘතියෙන් කෑලි ටික්කුයි මේක යටත් කරගත්තු කාලෙ සුද්දා ගාව තිබුණු දැන් සුද්දා ගාවත් නැති වික්ටෝරියානු සංස්කෘතියෙ කෑලි ටික්කුයි එකට පුරුද්දලා හදාගත්තු ‘ලෝකෙන් උතුම්’ සංස්කෘතිය තියෙනවා කියන අපෙ රටේ ඇත්තටම තියෙන්නේ ඇට්ටකුණා වෙච්චි අච්චාරු සංස්කෘතියක්.

ඔය කියන මහා ලොකු ‘ලෝකෙන් උතුම්’ සංස්කෘතිය තියෙන අපේ රටේ අපි අද සමරන්නේ දේශපාලනිකමය නිදහසක් විතරයි. ඇත්තටම අපි සමරන්නේ නිදහස කියන නාමමාත්‍ර‍ අදහසක්. නිවස කාන්තාවන් තුලදීම දූෂණය වන හැටි, ආර්ථික ලාභ වලට රට පටවද්දී ඔය උත්තරීතරයි කියන අම්මා හැඟීම තිබුණද?

මම හිතන්නේ මංගල ඇමැතිවරයාට උවමනා කරලා තියෙන්නේ මත්පැන් වෙළඳාම සහ ලංකාව තුල නීතිවිරෝධී නොවන මත්පැන් භාවිතා කිරීමේ යහපත් සංස්කෘතිය නිර්මාණය කරන්න. ස්ත්‍රී පුරුෂ සමාජභාවීම සංකල්ප ඇතුලේ කාන්තාවගේ පාරිභෝජන නිදහස සහ ව්‍යාපාර හෝ වෘත්තියට එළඹීමේ නිදහස ලංකාව එක්සත් ජාතීන් සමග ගිවිසුමෙන් බැඳීලා තියෙන්නේ.

ඒ නිසා කලින් කියපු නාමමාත්‍ර ඊනියා සුචරිතවාදීන් නොදන්නවා වුණාට ලංකාවට ලෝකේ එක්ක සබඳතා තියාගන්නනම් ලෝකෙම පිළිගත්ත මානව අයිතිවාසකම්වලට ඉඩදෙන්න වෙනවා, කාන්තාව කියන්නෙත් මනුස්සයෙක් නියා ඇයටත් ඒවා සේරම අදාලයි.

හරි ඔය කියන විදියට සංස්කෘතිය රකින්නනම් එක්කො ලංකාව තුල මත්පැන් විකිණීම ආශ්‍රිතව රැකියවල නිරතවන කාන්තාවන් එක්කෝ වෘත්තීයමය වශයෙන් නෙරපා දැමිය යුතුයි, නැත්නම් එක්කෝ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඔවුන් කසිප්පුකාරයන් ගාණට දමා දඩුවම් දියයුතුයි නැත්නම් ඔවුන්ට නීතිතමය බාධාවක් නොවන ආකාරයට නීතිමය සහනයක් දිය යුතුයි.

ඔය අස්සේ තව මොකක්දෝ ආගම් කතාවකුත් කියලා තියෙනවා මම දැක්කා. ආගම කවදත් ස්ත්‍රී විරෝධීයි. එය බුදු දහමටත් ක‍තෝලික හෝ ක්‍රිස්තියානියටත් ඉස්ලාමයටත් හින්දු වේද දහමටත් පොදු වූවක්. ආගමික උත්සව දවසට කලින් දවසට බාර් ගානේ පෝලිම් ගැහිලා පත්තරේක ඔතලා අරක්කු හංගගෙන යනගමන් කතාකරන්නෙ නම් “අමද්‍යප ව්‍යාපාරය” ගැන.

කොහොම උනත් ගැහැනියට සිදුවූයේ හැමදාමත් මේ ජාතියේ හා ආගමේ පිරිමි බලහත්කාරයට යටවීමට. එය මොහොතකට පැත්තකින් තිබ්බත්, ජාතියේ හා ආගමේ ඉතිහාසය විසින් මේ සමස්ත මානව වර්ගයාට ලබා දි තිබෙන ජයග්‍රහණය මොනවද ? කිසිවක් නැහැ.

දෙදහස් පන්සිය වසක බෞද්ධ ඉතිහාසයේ අවසන මේ අත්පත් කරගෙන තිබෙන්නේ ජයග්‍රහණයක්ද ? ඉස්ලාමය විසින් මානව වර්ගයා සිය ම්ලෙච්ඡ ගෝත්‍රික යුගයෙන් අඩියක්වත් ඉදිරියට තල්ලු කිරීමට සමත් ‍වෙලා තියෙනවද? වේද ග්‍රන්ථ මඟින් සිදු කළේ යටහත් පහත් භාවය මිසක වෙන කුමක්ද? ක්‍රිස්තියානිය සිදු කළේ මිනිසාගේ කොඳු කඩා කොහෙවත් නැති දෙවියකුට යටත් කරවීම.

මේ ගෝත්‍රික මරි මෝඩකම් මත්තේ නැහෙන මුග්ධයන්ට “මංගල” ඔයා දුන්න උත්තරයනම් පට්ටයි.

උපුටාගත්තේ සිස්.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *